කෝප්-කෝපා වාර්තා  නීතිපතිට ගියානම්  සීනි හොරුත් අල්ලලා

107

කිරිඇල්ල මැතිසබයේදී කියයි

කෝප් සහ කෝපා යන කාරක සභා විසින් විමර්ශනය කරනු ලබන වාර්තා නීතිපතිට යවන්නේ නම් ඔහුට ඉදිරි ක්‍රියාමාර්ගයන්ට අවශ්‍ය පියවර ගත හැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) සඳහන් කළේය.

එලෙස කරන්නේ නම් මෙරටට සීනි ගෙන්වීමේදී සිදුවූ රුපියල් කෝටි 15000 ක වංචාවට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව ද හෙතෙම කීය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහි දී මෙසේ පැවසීය. අපි ඉල්ලීමක් කළා කෝප් සහ කෝපා සභාපති ධුර විපක්ෂයට දෙන්න කියලා. කථානායකතුමා ඒක පිළිගත්තා. ඒ ගැන ස්ථාවර කමිටුවට ඒ එකඟත්වය බලන්න කිව්වා. ඒ ගැන තීරණයක් තිබෙනවාද?

ඒ වගේම අවුරුදු ගණනාවක් කෝප් සහ කෝපා වාර්තා අපි විවාද කරනවා. එතනින් ඉවරයි. නමුත් මම ඉල්ලීමක් කළා, මේ වාර්තා නීතිපතිට යවන්න කියලා. දැන් උදාහරණයක් විදිහට සීනි වංචාව නිසා කෝටි 15000 ක් ඉවරයි. ඒක නීතිපතිට යැව්වා නම් නීතිපති පැහැදිලි තීරණයක් ගනීවි. ඒ තීන්දු දෙක අරන් තිබෙනවාද කියලා මම අහනවා. 

කථානායක- පක්ෂ නායක රැස්වීමේ දී ඒ ගැන කතා කරලා අවසන් කරන්නම්.

advertistmentadvertistment
advertistmentadvertistment