පුතාගේ මරණය  ගැන සැකයි පරීක්ෂණයක් පවත්වන්න – ඩක්සන් ෆස්ලස්ගේ මව පොලිසියෙන් ඉල්ලයි

675

මාලදිවයිනේ දී මියගිය ශ‍්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ඩක්සන් ෆස්ලස් ක‍්‍රීඩකයාගේ මරණය සැක සහිත බවත් එ් රජය වහාම මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසත් මියගිය ක‍්‍රීඩකයාගේ මව පෙරේදා ( 28 දා) මන්නාරම පොලිසියේ නිලධාරීන් ගෙන් ඉල්ලීමක් කොට තිබේ.

මන්නාරමේ පදිංචි 31 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා මාලදිවයිනේ තරගාවලියක් සඳහා සහභාගී වෙමින් සිටිය දී සියදිවි හානි කරගෙන මියගිය බවට තොරතුරු වාර්තා වූවත් තම පුතාට සියදිවි හානිකර ගැනීමට තරම් කිසිදු හේතුවක් නොතිබූ බව මියගිය ක‍්‍රීඩකයාගේ මව පොලිසියට ප‍්‍රකාශ කොට තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරමේ පොලිස් නිලධාරීන් ක‍්‍රීඩකයාගේ නිවසට ගොස් ඔහුගේ මවගෙන් ප‍්‍රකාශයක් ලබාගෙන තිබේ.

මන්නාරමේ ඉපදී වඩමාරච්චි වදිරි ඩයමන්ඞ්ස් ක‍්‍රීඩා සමාජයේ ක‍්‍රීඩකයකු මෙන්ම ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක‍්‍රීඩකයකු ලෙස කටයුතු කළ ඩක්සන් ෆස්ලස් ක‍්‍රීඩකයා මීට දින හතරකට ඉහත දී මාලදිවයිනේ දී මියගිය බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර විස්තරයක් මෙතෙක් ලැබී නොමැත. මියගිය ක‍්‍රීඩකයාගේ දේහය ශ‍්‍රී ලංකාවට රැගෙන ඒමක් ද සිදුව නොමැත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment