පොසොන් පිංකමට පාලකයෝ අකුල් හෙළුවත් අපි බය නෑ – වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණෝ

356

ජනාධිපති ලේකම් කාර්යාලයේ වගකිව යුතු ඇත්තන් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරු කියලා තියෙනවා මෙවර පොසොන් උත්සවයට මිහින්තලේ පන්සලට උදව් කරන්න එපා කියලා. ජනතාව හොඳින් තේරුම් ගත යුතුයි මෙයාලා පලි ගන්නෙ කාගෙන්ද කියන කාරණාව. මිහිඳු මහ රහතන් වහන්සේ සමරණ ඒ උදාර පිංකමට මේ අය අකුල් හෙලුවටල ගිය වසරටත් වඩා මේ වසරේදී පොසොන් පිංකම ඉතා සාර්ථකව සිදු කරන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසූවේ ඊයේ (30 දා) මිහින්තලේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.

මේ මිහිඳු මහා රහතන් වහන්සේ සමරණ පොසොන් පිංකමට අකුල් හෙළන පාලකයෝ දන්නේ නැහැ, මිථ්‍යාදෘෂ්ටිකයෝ සම්‍යයක් දෘෂ්ටිකයන් බවට පත්වුනේ මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලාවට වැඩම කළායින් පසුව කියලා. එහෙම දෙයක් දැන ගෙන හිටිය නම් මෙහෙම කරන්නේ නැහැ මිහින්තලාවට. පාලකයන්ට පුළුවන් අපිව මරලා දාන්න. නැතිනම් හිරේ දාන්න. ඒත් අපි මේ අයට බය වෙන්නේ නැහැ.

මේ වන විට විදුලි ජනක යන්ත්‍ර දෙකක අවශ්‍යතාවය තිබෙනවා. මිහින්තලා රජමහා විහාරය ගිණුම් අංක 010010023463 හැටන් නැෂනල් බැංකුව – අනුරාධපුර. මිහින්තලා රජමහා විහාරය – ගිණුම් අංක – 90797118. ලංකා බැංකුව – මිහින්තලේ.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment