පොහොර වවුචර් බෙදීම කඩාකප්පල් කරන නිලධාරීන්ට වහාම විනය පියවර ගන්න

64

ඇමැතිගෙන් උපදෙස්

ගොවීන්ට පොහොර මිලදී ගැනීමේ වවුචර්පත් බෙදාහැරීම කඩාකප්පල් කිරීමට කිසියම් නිලධාරියකු හෝ නිලධාරීන් පිරිසක් හෝ කටයුතු කර ඇත්නම් ඔවුන්ට විරුද්ධව වහාම විනයානුකූල පියවර ගන්නා ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (26 දා) ගොවිජන කොමසාරිස් ජනරාල්වරයාට උපසේ දී ඇත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් තමන්ට වහාම වාර්තාවක් ලබාදෙන ලෙසත් වවුචර්පත් බෙදාදීම හෝ මුදල් ගිණුම්ගත කිරීම ප්‍රමාදවී තිබේ නම් ඒ සම්බන්ධවද කඩිනම් පියවර ගන්නා ලෙසත් ඇමැතිවරයා විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

පොහොර වවුචර්පත් නිකුත් කිරීම ප්‍රමාද වීමට කිසිදු හේතුවක් නොමැති බවත්, අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් වෙන්කර තිබෙන බැවින් ප්‍රමාදයකින් තොරව වවුචර්පත් ලබාදීමට හැකි බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාවට මෙතෙක් පොහොර ලබා ගැනීමේ වවුචර්පත් නිකුත් නොකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හෙළි කළ කරුණු ගැන හා වෙනත් ප්‍රදේශවල එවැනි තත්ත්වයන් පවතීද යන්න සොයා බලන ලෙසද ඇමැතිවරයා වැඩිදුරටත් නිලධාරීන්ට දන්වා තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment