බෙදාහැරීම් ප්‍රධානී (SLICGL) ලලිත් ද සිල්වා මහතා (දකුණු පස) විසින් නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා (වම පස) හට විශේෂ සමරු ඵලකයක් ප්‍රධානය කරන ලදී. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මානව සම්පත් සහ පරිපාලන (SLICLL) රෝහිත අමරපාල මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ඵලදායී සන්නිවේදන සහ නායකත්ව උපායමාර්ග තුළින් නීතිය බලගැන්වීම‍ කෙරෙහි අවධානය යොමු කෙරෙන සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ලිමිටඩ් (SLICLL) සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLICGL) සමඟ සම්බන්ධ වී සංවිධානය කරන ලදී. 2024 මාර්තු 7 වන දින ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී පැවති අතර මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන කථිකයා වශයෙන් නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සහභාගී විය.

සම්මන්ත්‍රණය පුරාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නීතිය ක්‍රියාත්මක කිරීම සහ මහජන සන්නිවේදනය පිළිබඳ ඔහුගේ පුළුල් අත්දැකීම් ඇසුරින් දේශනයක් පැවැත්වූ අතර ඔහුගේ දේශනය මගින් නීතිය ක්‍රියාත්මක කිරීමේදී වෘත්තිකයන් සඳහා සකස් කරන ලද ඵලදායී සන්නිවේදන සහ නායකත්ව උපාය මාර්ගවල තීරණාත්මක අංග කෙරෙහි අවධාරණය කරන ලදී.

මෙම උත්සවයේ එක් ප්‍රධාන විශේෂත්වයක් වූයේ මෑතකදී පනවන ලද මාර්ගගත (Online) ආරක්ෂණ පනත පිළිබඳ සිදු කල සාකච්ඡාවයි. එහිදී මෙම පනත පිළිබඳව විශේෂ අවබෝධයක් ලබාදුන් අතර එහි වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය යන දෙපිරිසම සහභාගී වූ මෙම සම්මන්ත්‍රණය දැනුම වැඩි දියුණු කිරීම සඳහා වටිනා වේදිකාවක් විය.

සහභාගිවන්නන් මාර්ගගත (Online) ආරක්ෂණ පනතේ විශේෂ කරුණු රැසක් පිළිබඳ අවබෝධයක් ලබා ගත් අතර තරඟකාරී සේවා පරිසරයක් තුල සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය සන්නිවේදන කුසලතා අත්කර ගැනීමට සමත් විය. අජිත් රෝහණ මහතාගේ ප්‍රවීණතාවයෙන් කණ්ඩායම් ක්‍රියාකාරිත්වය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තුළ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ප්‍රායෝගික මග පෙන්වීමක් ද ලබා දෙන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment