බංග්ලාදේශයට කඩුලු 03ක ජයක්

310

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය කඩුලු 3කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.ලකුණු 280ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය බංග්ලාදේශය පන්දුවාර 41යි පන්දු 1කදී කඩුලු 7ක් දැවී ලකුණු 282ක් රැස්කරමින් තරගයේ ජය හිමිකරගත්තේය.එහිදී බංග්ලාදේශ නායක ශකීබ් අලි හසන් 82, නජිමුල් හුසේන් 90ක් ලෙස ලකුණු රැස්කර ගත්හ. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිල්ශාන් මදුශංක ලකුණු 69කට කදුළු 3ක් දවාගැනීමට සමත්විය.එසේම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාගේ තැන නැවත හිමිකරගැනීමට ඩිල්ශාන් සමත්විය.ඒ මේ දක්වා කඩුලු 21ක් ලබාගිනිමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment