බදු බරට, සම්පත් විකිණීමට එරෙහි ජාජබ විරෝධය

129

දූෂිත විනාශකාරී පාලනයෙන් රට මුදා ගැනීමට අපි සූදානම් – ජා.ජ.බ. නායක අනුර කුමාර දිසානායක

මේ හොර, දුෂිත, විනාශකාරී පාලනයට තිත තබා රටම බේරා ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එසේම ආර්ථිකය කඩාවැටුණු, කොන්වෙච්ච මේ රට මුදා ගැනීමට සූදානම් බව ද හෙතෙම කීය.

ජාතික ජන බලවේගය පෙරේදා (18 දා) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවැති දැවැන්ත රැළියේදී එසේ පැවසීය.

නුගේගොඩ නගරයම එකම හිස්ගොඩක් බවට පත්ව තිබණි. බදු බර, බඩු මිල, විදුලි බිල අසීමිතව ඉහළ දමන, ජාතික සම්පත් විකුණන, මර්දන අණ පනත් සම්මත කරන, කොල්ලකාරී ජන පීඩක ආණ්ඩුවට විරෝධය පළකරමින් මෙය සංවිධානය කර තිබිණි.

තවදුරටත් කතා කළ අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය.

බදු බරට, සම්පත් විකිණීමට එරෙහි ජාජබ විරෝධය

“60 දශකයේත් තේ, රබර්, පොල්. 70 දශකයේත් තේ, රබර්, පොල්. 21 වැනි සියවසේත් තේ රබර් පොල්. තේ, රබර්, පොල් තරමට මේ නායකයන් පැරණියි.

අවස්ථා ගණනාවක්ම මේ අයට රටේ පාලනය භාර දුන්නා. නමුත් රටම කඩාවැට්ටුවා

හොරකම, වංචාව, දූෂණය නිසයි රටේ ආර්ථිකය කඩාවැටුණේ. රාජපක්‍ෂ පාලනය මේ රටේ ජනයාගේ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපුවා දන්නවා ජනයා.

රනිල් වික්‍රමසිංහගේ පණ තියෙන්නේ කා ගාව ද. රනිල් වික්‍රමසිංහගේ පණ තියෙන්නේ පොහොට්ටුව ගාව. වංචා, දූෂණ එල්ල වෙච්ච නාමල් එළියට බැහැල ඇවිත් රනිල්ට තර්ජනය කරනවා. මේගොල්ලො එකට ඉන්න කණ්ඩායම්. මේ ආර්ථික කඩාවැටීමට මූලික හේතුව වංචාව, දූෂණය. මේ දූෂණය, වංචාව, හොරකම නැති කරන්න පුළුවන් ජාතික ජන බලවේගයට විතරයි.

අද මුළු රාජ්‍ය යාන්ත්‍රණයම දෙදරලයි තියෙන්නේ. හරි පාලනයක් නැහැ. වගකියන්න කෙනෙක් නැහැ.

දූෂණය පරාජයට පත් කිරීම සඳහා දීර්ඝ කාලීන, අඛණ්ඩ සටනක් තමයි ජාතික ජන බලවේගයට තියෙන්නේ. ඒක අපි කරනවා. මේ රට ප්‍රපාතයට හෙළන්න, මේ ආර්ථික ප්‍රතිපත්තිය විතරක් නෙවෙයි මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කරපු එක, ඒවා හොරකම් කරපු එක බලපාල තියෙන එක පැහැදිලියි.

ඡායාරූප – තුෂාර අතපත්තු

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment