බ්‍රිතාන්‍ය මැතිවරණයට යාපනයේ කාන්තාවක්

16

යාපනයෙන් ලන්ඩනයට ගිය දෙමළ කාන්තාවක් මෙවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වී සිටියි.

ක්‍රිෂ්ණා රිෂිකරන් නමැති ඇය සිය දෙමව්පියන් අහිමි වීමෙන් පසුව ඥාතියකු සමග ලන්ඩනයට ගොස් එහි ජීවත් වී ඇත්තේ ළමා නිවාසයකය.

කටුක අත්දැකීම් සම්භාරයක් මැද තමන් මේ ගමන පැමිණි බව කියන ඇය දැනට ලන්ඩනයේ පුණ්‍යායතනයක හා තවත් ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයක සේවය කරයි.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව කටයුතු කිරීමත් සමාජ අසාධාරණයට එරෙහිව නැගී සිටීමත් තම එකම බලාපොරොත්තුව බව පවසන ඇය තමන් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී චැටන් සහ සෙම් යන පළාත්වලට තරග කරන බව ද පවසයි.

දැනට ඇය ජීවත් වන්නේ ද චැටන් ප්‍රදේශයේය.

ඇය තරග කරනු ලබන්නේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය සමග සන්ධානගත වූ කොන්සර්වේටිව් පක්ෂයෙනි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment