මත්පැන් නිෂ්පාදනාගාරවල සුරාබදු නිලධාරීන්ට බින්න බහින්න ඉඩ නෑ

178

සුරාබදු කොමසාරිස් ජනරාල්

අනුමත මත්පැන් නිෂ්පාදනාගාරවල රාජකාරියට යොදා සිටින සුරාබදු නිලධාරීන්ට වසරක කාලයකට පසු එම ස්ථානයේ ස්ථානමාරු ලබාදීමට අනිවාර්යයයෙන් කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පැවසීය.

අනුමත මත්පැන් නිෂ්පාදනාගාරවල සිටින නිලධාරීන් මීට පෙර වකවානුවල දේශපාලන හෝ වෙනත් මාර්ගවලින් එම ස්ථානවල රැඳී සිටීමට යම් උත්සාහයක් ගනු ලැබුවත් සියලුම ස්කාගාරවල නිපදවන මත්පැන්වලට හඳුන්වාදී ඇති ස්ටිකරය නිසා බොහෝ නිලධාරීන් එම ස්ථානවල රැඳී සිටීමට සිදුකරන ඉල්ලීම් අවමවී ඇති බවද ගුණසිරි මහතා කීය. විශේෂ හේතුවක් පවතීනම් ඇතැම් නිලධාරීන් එකම ස්ථානයේ තවත් වසරක් තැබීමට කටයුතු කරන අවස්ථා ද පවතින බවද ඒ මහතා කීය. දේශපාලන හිතවත්කම් හෝ මත්පැන් නිෂ්පාදකයන්ගේ හිතවත්කම් පාවිච්චි කරමින් කිසිම සුරාබදු නිලධාරියකුට වසරකට වැඩි කාලක් එකම ස්ථානයේ සේවය කිරීමට ඉඩ නොදෙන බවද ඔහු කීවේය. සුරාබදු නිලධාරීන් වැඩි පිරිසක් මෑත වකවානුව තුළ සුරාබදු මත්ද්‍රව්‍ය නාශක, විශේෂ මෙහෙයුම් වැනි අංශවලට යොමුවීමට වැඩි කැමැත්තක් දක්වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment