මන්ත්‍රීලාටත් බදු ෆයිල්

106

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්‍ෂකයන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ද විශේෂ බදු ගොනුවක් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

එම වැඩපිළිවෙළ ලබන වසරේ (2024) සිට ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඊට අමතරව අමාත්‍යවරයකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා එක්වන සියලුම නියෝජිතයන් වෙනුවෙන් ද මෙලෙස බදු ගොනුවක් ආරම්භ කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment