මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පාකිස්තාන පොලිසියේ 9 ක් මරුට 13 කට තුවාල

94

පාකිස්තානයේ බලුකිස්තාන් ප්‍රාන්තයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් නවදෙනකු මරණයට පත්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු පොලිස් නිලධාරීන් රැගත් වාහනයේ ගැටීමෙන් පසුව මෙම පිපිරීම සිදුව තිබේ.

මෙහිදී තවත් නිලධාරීන් 13 දෙනකු තුවාල ලබා ඇත.

පසුගිය කාලය පුරාම බලුකිස්තාන් ප්‍රාන්තයේ පොලිසියට හා හමුදාවට එරෙහිව ප්‍රහාර රැසක් එල්ල විය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment