මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ‘ගෞතම බුද්ධ මාතා’ ඇරඹේ…

253

ජනප්‍රිය යොවුන් ගායිකාවන් වන කාංචනා අනුරාධි, ආදිත්‍යා වැලිවත්ත සහ අංජලී හේරත්ගේ ගීත කිහිපයක් පටිගත කිරීමෙන් සම්මානනිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණය වන ගෞතම බුද්ධ මාතා වැඩකටයුතු පසුගියදා ආරම්භ විය.

සුනිල් ආරියරත්නයන්ම රචනා කළ මේ ගීතාවලියෙහි, තනු නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහගෙනි. සුමති යුනිවර්සල් පෞද්ගලික සමාගම වෙනුවෙන් තිලංග සුමතිපාල නිෂ්පාදනය කරන ‘ගෞතම බුද්ධ මාතා’ චිත්‍රපටයෙහි දෙස් විදෙස් ශිල්පීහු රාශියක් රංගනයෙන් දායක වෙති. චිත්‍රපටයෙහි රූගත කිරීම් ජුනි මාසය තුළ ආරම්භ වීමට නියමිතය.

මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ 'ගෞතම බුද්ධ මාතා' ඇරඹේ…
advertistmentadvertistment
advertistmentadvertistment