රෝග රැසකට බලපාන අම්ල පිත්ත රෝගය

674

අම්ල පිත්ත ශ්‍රාවය ඉහළයෑම නිසි ලෙස පාලනය නොකර සිටීමෙන් සිදුවන බරපතළම හානිය වන්නේ එම ඉහළ යන අම්ල සහ පිත්ත ශ්‍රාවය රුධිරය සමඟ එක්වීමය. එවිට එය මුළු සිරුර පුරා රුධිරය සමග ගමන් කරයි.

අම්ල පිත්ත රෝගය හෙවත් බටහිර වෛද්‍ය ක්‍රමයට හඳුන්වන ගැස්ට්‍රයිටිස් රෝගය වර්තමානයේ කුඩා දරුවන්, තරුණ වියේ පසුවන්නන් සහ වැඩිහිටියන් අතර බහුලව දකින්නට ලැබෙන රෝගයකි. බොහෝ දෙනා මෙම රෝගය ඇතිවීම සම්බන්ධව පවසන්නේ වෙලාවට ආහාර නොගැනීම බවය.

නමුත් මෙම රෝගය ඇතිවීමට බලපාන හේතු රැසක් පවතී. ප්‍රධාන වශයෙන් ම බලපාන්නේ අප සමතුලිත ආහාර වේලක් නොගැනීමය. ඊට අමතරව මානසික ආතතිය, විවිධ රෝග සඳහා දිගුකලක් ගනු ලබන ඖෂධ වර්ග ආදිය නිසා ද ආමාශයේ අම්ල පිත්ත ශ්‍රාවය ඉහළයෑමට බලපානු ලබයි.

මෙලෙස අම්ල පිත්ත ශ්‍රාවයවීම ඉහළ ගොස් එය දිගු කාලයක් පැවතීම නිසා ආමාශයේ සහ බඩවැල්හි තුවාල හට ගැනීම සිදු වේ. ඊට අමතරව ආමාශයේ දැවිල්ල ඇතිවීම, ආහාර අරුචිය මතුවීම ආදී අපහසුතා නිතර නිතර හට ගනී.

අම්ල පිත්ත ශ්‍රාවය ඉහළ යෑම නිසා ඇතිවන රෝගාබාධ මෙපමණක් යැයි බොහෝ දෙනා සිතා සිටිති. එනිසා ඇතැම් දෙනා මෙය එතරම් සැලකිල්ලට නොගනිති. නමුත් මෙම රෝගයට නිසි ප්‍රතිකාර නොගෙන සිටීම නිසා ඉන් ඇතිවන අතුරු ආබාධ බොහෝ ය. පිත වැඩිවීම නිසා හටගන්නා රෝග 60ක් ඇත.

අම්ල පිත්ත ශ්‍රාවය ඉහළයෑමෙන් ඇතිවන අතුරු ආබාධ

අම්ල පිත්ත ශ්‍රාවය ඉහළයෑම නිසි ලෙස පාලනය නොකර සිටීමෙන් සිදුවන බරපතළම හානිය වන්නේ එම ඉහළ යන අම්ල සහ පිත්ත ශ්‍රාවය රුධිරය සමඟ එක්වීමය. එවිට එය මුළු සිරුර පුරා රුධිරය සමග ගමන් කරයි.

අම්ල පිත්ත සාන්ද්‍රණය සහිත රුධිරය හෘදය වෙත ගමන් කිරීමෙන් හෘදයාබාධ ඇති වේ. වර්තමානයේ හෘදයාබාධ ඇති වූ බොහෝ දෙනෙකුට ඊට බලපා ඇති ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ අම්ල පිත්ත බව ඉහළ යෑමය.

මෙලෙස අම්ල පිත්ත සාන්ද්‍රණය මිශ්‍ර රුධිරය ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරයි.එවිට අංශභාගය තත්ත්වය ඇතිවීම, ස්නායු දුර්වලතා හට ගැනීම සිදු වේ.

හන්දිපත් රෝග ඇතිවීම, සන්ධිවල අස්ථි දිරායෑම ඇතිවීම, සමේ රෝග හට ගැනීම, සම දුර්වර්ණ වී අවපැහැ ගැන්වීම, දද, කුෂ්ඨ හට ගැනීම, සිරුරේ අප්‍රාණික බව ඇතිවීම, අත්වල හිරියක් මතුවීම, නියපොතු කුණුවීම, නිතර සිරුරේ වේදනාව හට ගැනීම, උරහිස පෙදෙසේ වේදනාව හට ගැනීම, ආදිය ද මෙම අම්ල පිත්ත රෝගය නිසා මතු වේ. එබැවින් මෙම රෝගය පාලනය කර ගැනීමට අවධානය යොමු කළ යුතුය.

අම්ල පිත්ත රෝගය පාලනය

අම්ල පිත්ත ශ්‍රාවය අනවශ්‍ය ලෙස ශ්‍රාවය වීම පාලනය සඳහා ප්‍රධාන වශයෙන් ම කළ යුත්තේ සමතුලිත ආහාර වේලක් ගැනීම ය. එහිදී සැර ආහාර පාන ගැනීම අවම කළ යුතු ය. සාමාන්‍ය ව්‍යවහාරයේදී පවසන වදනක් වනුයේ වාත, පිත සෙම වලින් තොර ලෙඩක් නැත යනු ය. එසේ නම් අප මෙම පිත තත්ත්වය ඉහළ යෑම පාලනය කරගත යුතුමය.

එහිදී ප්‍රධාන වශයෙන් ම කළ යුතු ප්‍රතිකාරයක් වන්නේ දිනපතා ස්නායයි. ඊට අමතරව කැඳ වර්ග පානය කළ යුතුය. සව්, බාර්ලි, කිතුල් පිටි, රුළං, තණහාල් කැඳ ඉතා ගුණදායකය. කුරක්කන් පිටි කැඳ පානය අහිතකරය. එනිසා අම්ල පිත්ත රෝගයෙන් පෙළෙන පුද්ගලයන් කුරක්කන් පිටි කැඳ පානය නොකළ යුතුය.

අම්ල පිත්ත බව ඉහළයෑම පාලනය සඳහා මී පැණි ඉතා ගුණදායකයක. එබැවින් පිරිසිදු මී පැණි කැඳ වර්ග සමඟ මිශ්‍රකර ගැනීම කළ හැකිය.

පලතුරු වර්ග නිතර ආහාරයට ගැනීම කළ යුතුය. මළබද්ධය රෝගය පැවතීම අම්ල පිත්ත රෝගය වඩාත් දරුණු තත්ත්වයට පත්වීමට බලපායි. එනිසා දිනපතා පිරිසිදු ජලය නිසි පමණට පානය, පලතුරු වර්ග ආහාරයට ගැනීමට අවධානය යොමු කළ යුතුය.

අම්ල පිත්ත රෝගය පාලනය මගින් රෝග රැසක් හට ගැනීම පාලනය කළ හැකි බව මේ අනුව අප වටහා ගත යුතුය.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0112560121 ඇමැතිය හැකිය.

රෝග රැසකට බලපාන අම්ල පිත්ත රෝගය

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය
කේ. ආර්. අල්විස් වෙදගෙදර,
සුසිලාරාම පාර, මාලබේ.

advertistmentadvertistment
advertistmentadvertistment