මහ මැතිවරණයක් ආවොත් අවශ්‍ය වැඩ කඩිනමින් කරල දෙනවා – මුද්‍රණාලයාධිපතිනි කියයි

72

මහ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු කඩිනමින් සිදු කරදීමට අවශ්‍ය පියවර ගන්නා බව මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ‘දිවයින’ට ඊයේ (23දා) පැවසුවාය.

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් සියලු දෙනාගේ නම් දිවයින පුරා එකම පත්‍රිකාවක් ලෙස මුද්‍රණය කළත් මහ මැතිවරණයේදී දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට අපේක්ෂකයන් වෙනස් වන නිසා ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට ගිය කාලයට වඩා වැඩි කාලයක් වැයවිය හැකි බවද ඇය කීවාය.

ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමිසම ඡන්ද පත්‍රිකා ඉල්ලා සිටි දිනයට වඩා දින කිහිපයකට පෙර ලබාදුන් බවද ඇය කීවාය. ඒ ආකාරයෙන් මහ මැතිවරණයේදී අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ලබාදීමට මුද්‍රණාල සේවකයන් කටයුතු කරනු ඇතැයි ද ඇය වැඩිදුරටත් කීවාය.

චමින්ද සිල්වා


advertistmentadvertistment