මිනිස් ජාවාරම් ඒජන්සි වටලයි

108

රුසියාව සහ යුක්රේනය අතර සිදුවෙන යුද්ධයේ කුලීහේවායන් ලෙස සේවයට ශ්‍රී ලාංකිකයන් යවන හොර රැකියා ඒජන්සි වැටලීමේ මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක වෙන බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ පැවසීය.

රුසියාවට සහ යුක්රේනයට යෑම කැමැත්තෙන් සිටි හිටපු හමුදා භටයන් මෙන්ම සාමාන්‍ය ජනතාව පවා රවටා රුපියල් ලක්ෂ ගණන් ඔවුන්ගෙන් ලබාගෙන මෙසේ එම රටවලට යවා ඇතැයි ටිරාන් අලස් මහතා පැවසීය.

මෙම යුද්ධයට ගිය මෙම පිරිස ගෙන් වැඩිදෙනකු පිළිබඳව ඔවුන්ගේ පවුල්වලට මෙතෙක් තොරතුරු ලැබී නැත. නිල නොවන වාර්තාවලින් දැක්වෙන අන්දමට මෙම ගැටුම්වලින් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මියගොස් ඇති බවත් සඳහන්ය.

ඔවුන් එම යුද්ධයට යැවූ රැකියා ඒජන්සි හා සමාගම් පවා මෙතෙක් එම පුද්ගලයන් පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය කර නැති බව එම යුද්ධයට ගිය උදවියගේ පවුල්වල උදවිය පොලිසියට පවසා ඇත.

මෙසේ මියයන පිරිස පිළිබඳව රුසියාව හො යුක්රේනය පවා දැනුම් දීම් සිදුනොකරන බවද ටිරාන් අලස් මහතා පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment