මුලතිව් වනාන්තරයේදී ඇතෙකු ඝාතනය කර දළ කපාගෙන ගිහින්

86

මුලතිව්, මාන්තෙයි නැගෙනහිර කොටසට අයත් අයියම් පෙරුමාල් කැළෑ ප්‍රදේශයේ තිබී ඝාතනය කළ ඇතකුගේ  මළ සිරුරක් හමුවී තිබේ. වනජීවි නිලධාරීන් මෙම වන අලියාගේ සිරුර පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට තිබේ. ඒ අනුව අදාළ වන ඇතා වයස අවුරුදු

25 ක් පමණ වන උස අඩි 07 ක් පමණ වන සතෙකු බව වන ජීවී නිලධාරීහු පවසති.

මෙම වන අලියා දළ ලබා ගැනීමේ අරමුණින් ඝාතනය කරන්නට ඇති බවට සැකකරණු ලබන අතර අදාළ ඇතාගේ දළ යුගලය කපා රැගෙන ගොස් තිබේ. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් වනජීවි නිලධාරීන් පරීක්ෂණ පවත්වනු ලබයි. අදාල ඇතාගේ ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඇතාගේ මරණය සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයට කරුණු දක්වා වාර්තාවක් ඉදිරිපත් කිරීමට වනජීවි නිලධාරීන් කටයුතු කර තිබේ.

මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්
 

advertistmentadvertistment
advertistmentadvertistment