මුළු ජනගහනයෙන් 0.6 ක ජනතාව හෙරොයින් නිසා හිරගෙවල්වල

73

ශ්‍රී ලංකාවේ හෙරොයින් භාවිතය මුළු ජනගහනයෙන් සියයට 0.6 කි. 2021 වසරේ 110,031 ක් නීති විරෝධී මත්ද්‍රව්‍ය හේතුවෙන් සිරගත කොට ඇත. ඉන් සියයට 62 ක්ම බස්නාහිර පළාතෙහිය. මින් වැඩිපුරම ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කංසා වලටය. 44,239 ක් එසේ අත්අඩංගුවට ගෙන ඇත. 2021 දී හෙරොයින් කි.ග්‍රෑම් 1630 ක්ද, කංසා කි.ග්‍රෑම් 15628 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

අයිස් අත්අඩංගුවට ගැනීමේ දී 2017 දී කි.ග්‍රෑම් 0.9 ක්ද, 2018 දී කි.ග්‍රෑම් 7.1 ක්ද, 2019 දී කි.ග්‍රෑම් 35 ක්ද, 2020 දී කි.ග්‍රෑම් 811 ක්ද, 2021 දී කි.ග්‍රෑම් 377293 ක්ද අත්අඩංගුවට ගෙන ඇත. මේ අනුව අයිස්වල වැඩිවීම උග්‍ර ප්‍රශ්නයක්ය.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙහි වාර්තාවලට අනුව මෙම වාර්තාව දුම්කොළ හා මiසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය සමාධි විශ්වනාත් රාජපක්‍ෂ මහතා විසින් මාධ්‍ය හමුවක දී ලබාදුන් වාර්තාවකින් උපුටා ගන්නා ලද්දකි.
චන්ද්‍රදාස කොඩිතුවක්කු – මාතර

advertistmentadvertistment
advertistmentadvertistment