මෛත්‍රී – පාඨලී – අනුර ප්‍රියදර්ශන මහ රෑ සන්ධාන සාකච්ඡා

430

ඉදිරි මැතිවරණවලදී සන්ධානගතවීම පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික රණවක සහ අනුර ප්‍රියදර්ශන යන මහත්වරුන් පෙරේදා (05දා) රාත්‍රී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇත. එම තිදෙනාට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල සහ ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීවරුන් ද ඊට සහභාගි වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ‘දිවයින’ට පැවසීය. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මූලිකත්වයෙන් ගොඩනැගීමට නියමිත නව සන්ධානය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. නව සන්ධානයට ස්ථිර ලකුණක් නම් කිරීමට සහ සන්ධානයට එක්වන පක්‍ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට ද එහිදී තීරණය කළ බවද අමරවීර මහතා සඳහන් කළේය. මේ වනවිට පක්‍ෂ පහක් එකට සන්ධානගත වීමට සාකච්ඡා කර ඇති බවත් එම පක්‍ෂවල නායකයන් සමග තවත් සාකච්ඡාවක් අද හෝ හෙට පැවැත්වීමට නියමිත බවත් අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment