මොනාලිසා චිත්‍රයට සුප් ප්‍රහාරයක්

408

පාරිසරික ක්‍රියාකාරිනියන් දෙදෙනකු විසින් ප්‍රංශයේ ප්‍රකට ලුව්‍ර කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ලොව ප්‍රකට මොනාලිසා චිත්‍රයට ඊයේ (28) සුප් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්සි විසින් සිත්තම් කරන ලද මොනාලිසා චිත්‍රය ආරක්ෂා කිරීම සඳහා යොදා ඇති බාධකයන් පසු කර ඒ ආසන්නයටම ගොස් අදාළ ක්‍රියාකාරිනියන් විසින් ඒ වෙත සුප් ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ සෞඛ්‍ය සම්පන්න හා ඵලදායී ආහාර ලබා දිය යුතු බව ඉල්ලමිනි.

සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා පාරිසරික ක්‍රියාකාරීන් විසින් මෙවැනි ප්‍රහාරයක් මොනාලිසා චිත්‍රය වෙත එල්ල කළ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර 2022 වසරේ මැයි මාසයේද එම චිත්‍රය විකෘති කිරීමේ අරමුණින් කිසිවකු විසින් කේක් වර්ගයකින් ඒ වෙත දමා ගසා තිබිණි. ඊයේ චිත්‍රය වෙත එල්ල කළ සුප් ප්‍රහාරයෙන් එයට හානි වූවාද යන්න වාර්තා වී නොතිබිණි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment