යුක්රේනයේ යුද්ධය උමතුවක් – රුසියානු ධන කුවේරයෙකුගෙන් චෝදනා

828

රුසියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු මෙන්ම ධන කුවේරයෙකු වන ඔලෙග් ටින්කොව් රුසියාව විසින් යුක්රේනයේ සිදු කරනු ලබන යුද මෙහෙයුම මිනිස් සංහාරයක් ලෙස හඳුන්වමින් වහාම මෙම උමතු යුද්ධය නතර කළ යුතු බව අවධාරණය කර තිබේ.

සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල ගිණුමෙහි සටහනක් තබමින් ටින්කොව් සඳහන් කර ඇත්තේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ කිසිදු වාසියක් තමා නොදකින බවයි. රුසියාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු ජාත්‍යන්තර ඔන්ලයින් බැංකුවක් වන “ටින්කොෆ්” බැංකුවේ නිර්මාතෘවරයා මෙන්ම “ටින්කොෆ් -සැක්සෝ” නමැති පාපැදි කණ්ඩායමේ අයිතිකරුද වන ටින්කොව් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ක්‍රියාවන් ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කළ ඉහළම තනතුරක සිටින රුසියානු පුද්ගලයා සේ සැලකේ.

සංස්කරණය –
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment