යාපනයේ සහ කිළිනොච්චියේ ද ගෑස් ලිප් දෙකක් පුපුරයි

310

යාපනයේදී සහ කිළිනොච්චියේදී ද ගෑස් උදුන් දෙකක් පිපිරී ගොස් තිබේ.
යාපනයේ කන්දරෝඩෙයි ගණදෙවි කෝවිල් පාරේ නිවසක ගෑස් උදුන පිපිරී යන අවස්ථාවේදී ගෘගණිය ලිප දල්වා වෙනත් කටයුත්තක නියැලී සිට ඇත.
ගැස් සිලින්ඩර පුපුරා යාමේ සිද්ධීන් නිසා මෙම නිවෙස් හිමියා බිත්තිය සිදුරු කොට ගෑස් ටැංකිය බිත්තියෙන් ඈත වෙනත් ස්ථානයක තැබීම නිසා අනතුරේ ප්‍රමාණය අඩු වී ඇත.
මේ අතර කිළිනොච්චියේ තිරුවායිආරු ප්‍රදේශයේ නිවසකද ගෑස් උදුනක් පිපිරී ගොස් ඇත්තේ වර්ෂාව පැවති අවස්ථාවේදීය.
එම ගෘහණියද මුලුතැන්ගේ නොසිටීම නිසා කිසිවෙකුටත් හානි සිදුව නොමැත. ඊයේ සවස වාර්තා වූ මෙම සිද්ධීන් දෙක ගැන
යාපනයේ චුන්නාකම් පොලීසිය හා කිලිනොච්චිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.



advertistmentadvertistment