රන් මාල 3 ක් හා රු.7500 ක් කොල්ල කෑ දෙදෙනා දිවි ඇති තෙක් හිරේ

307

අවි ආයුධ පෙන්වා රුපියල් 7500 ක මුදලක් හා රුපියල් 25,000 ක් වටිනා රන් මාල තුනක් මංකොල්ලකෑම ඇතුළු අධිචෝදනා දෙකකට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් දෙදෙනකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඊයේ (16දා) නියම කළේය.

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී 1997.11.27 වැනිදා සිදුවී ඇති එම මංකොල්ලකෑමට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ විනිසුරුවරයා මංජුල සංජීව හා ජෙලාබ්දීන් අලිකාජන් නැමැති විත්තිකරුවන්ට එම දඬුවම් නියම කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment