ඇමැති  17ක් රාජ්‍ය  ඇමැති  24ක් – හිටපු 14කට ඇමැතිකම් අහිමි වෙයි

356

*ජනතා කෝපය සාධාරණයි -ජනපති කියයි

* මුළු කැබිනට්ටුවම 21යි

* ශ්‍රීලනිපයේ රාඝවන්ටල කාදර්ට හා වාසුගේ පිලේ

* ගයාශාන්ට රාජ්‍ය ඇමැති ධුර

* 20ට අත ඉස්සූ නසීර්ට ඇමැති ධුරයක්

* ගීතාටල ඩයනාට රාජ්‍ය ඇමැති ධුර

නව ඇමැතිවරු 17 දෙනෙක් සහ රාජ්‍ය ඇමැතිවරු 24ක් ඊයේ (18 දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හග මේ අනුව ආණ්ඩුවේ සම්පූර්ණ ඇමැති මණ්ඩලය ජනපතිල අගමැති ඇතුළුව විසි එක්දෙනකුගෙන් සමන්විත වේ.

නව කැබිනට් මණ්ඩලයට හිටපු රාජ්‍ය ඇමැතිවරු දස දෙනෙක් හා පසුපෙළ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළත් වෙතිග මෙහිදී මෙතෙක් පැවැති කැබිනට් මණ්ඩලය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨයන් දාහතර දෙනකුට කැබිනට් ඇමැති ධුර අහිමිවීම විශේෂත්වයකි.

හිටපු කැබිනට් ඇමැතිවරුන් වූ දිනේෂ් ගුණවර්ධනල ඩග්ලස් දේවානන්දාල වෛස රමේෂ් පතිරණල ප්‍රසන්න රණතුංගල දිලුම් අමුණුගම යන මහත්වරුන් නව ඇමැති මණ්ඩලයේ දිවුරුම් දුන් අතර මුදල් ඇමැති වශයෙන් අලි සබි්‍රල විදේශ කටයුතු ඇමැති ලෙස මහාචාර්ය ජීග එල්ග පීරිස් මහතා ද කටයුතු කරති.

මෙයට පෙර කැබිනට් මණ්ඩලය නියෝජනය කළ චමල් රාජපක්‍ෂල බැසිල් රාජපක්‍ෂල ගාමිණී ලොකුගේල ආචාර්ය බන්දුල ගුණවර්ධණල සීග බීග රත්නායකල ජනක බණ්ඩාර තෙන්නකෝන්ල කෙහෙළිය රඹුක්වැල්ලල ඩලස් අලහප්පෙරුමල ජොන්ස්ටන් ප්‍රනාන්දුල එස්ග එම්ග චන්ද්‍රසේනල මහින්දානන්ද අලුත්ගමගේල රෝහිත අබේගුණවර්ධනල නාමල් රාජපක්‍ෂ මහත්වරුන්ට හා පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ඇමැති ධුර අහිමිවී ඇතග මේ අතරින් කිහිපදෙනෙකු නව කැබිනට් ඇමැති ධුර භාර නොගන්නා බව ප්‍රකාශ කර තිබිණි.

අධ්‍යාපන ඇමැති ධුරය හෙබවූ දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලනල ස්වදේශ කටයුතුල පළාත් සභා පළාත් පාලන ඇමතිවරයා වශයෙන්දල ඩල්ගල් දේවානන්දා මහතා ධීවර ඇමැතිවරයා වශයෙන්දල වෛස රමේෂ් පතිරණ මහතා අධ්‍යාපන හා වැවිලි කර්මාන්ත ඇමැති වශයෙන්දල ප්‍රසන්න රණතුංග මහතා මහජන ආරක්‍ෂකල සංචාරක ඇමැති වශයෙන්දල දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන කර්මාන්ත ඇමැති වශයෙන්දල කනක හේරත් මහතා මහාමාර්ග ඇමැති වශයෙන්දල විදුර වික්‍රමනායක මහතා කම්කරු ඇමැති ලෙසදල ජානක වක්කුඹුර මහතා කෘෂිකර්ම වාරිමාර්ග ඇමැති ලෙසදල ෂෙහාන් සේමසිංහ මහතා වෙළෙඳ සමෘද්ධි සංවර්ධන ඇමැති වශයෙන්දල මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා ජලසම්පාදන ඇමැති ලෙසදල විමලවීර දිසානායක මහතා වන ජීවී හා වන සම්පත් සංරක්‍ෂණ ඇමැතිවරයා වශයෙන්දල තේනුක විදානගමගේ මහතා තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති ලෙදල ආචාර්ය නාලක ගොඩහේවා මහතා ජනමාධ්‍ය ඇමැති ලෙසදල මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන්දල නසීර් අහමඩ් මහතා පරිසර ඇමැතිවරයා වශයෙන්දල ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වරාය හා නාවික ඇමැතිවරයා වශයෙන්ද දිවුරුම් දුන්හ.

පරිසර ඇමැති ධුරයේ දිවුරුම් දුන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා 20 වන සංශෝධනයට සහාය දෙමින් ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරයෙකි.

කැබිනට් ඇමැති ධුර දැරූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරු කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ අතර නිමල් සිරිපාල ද සිල්වාල වාසුදේව නානායක්කාරල මහින්ද අමරවීර යන මහත්වරු ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වූහ.

කාන්තාවන් නෑ

මෙවර කැබිනට් මණ්ඩලය ඇමතිවරුන් පස් දෙනෙකුගෙන් අඩුවී ඇති අතර නව කැබිනට් මණ්ඩලයට කාන්තාවන් කිසිවකු ඇතුළත් වී නැතග නව කැබිනට් මණ්ඩලය කොටුව ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දුන්නේය.

මේ අතර ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට මහාමාර්ග ඇමැති ධුරය අහිමිවී ඇත. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙතෙක් දැරූ මහාමාර්ග අමාත්‍යාංශය රාජ්‍ය ඇමැතිවරයකු ලෙස කටයුතු කළ කනක හේරත් මහතාට හිමිවී තිබේ.

නව රාජ්‍ය අමාත්‍යවරු 24ක්

 නව රාජ්‍ය අමාත්‍යවරු 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (18දා) සවස දිවුරුම් දුන්හ. ඒ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස් ආරක්ෂක, රෝහණ දිසානායක පළාත් සභා සහ පළාත් පාලන, අරුන්දික ප්‍රනාන්දු වැවිලි, ලොහාන් රත්වත්තේ නාගරික සංවර්ධන, තාරක බාලසූරිය විදේශ කටයුතු, ඉන්දික අනුරුද්ධ නිවාස, සනත් නිශාන්ත ජලසම්පාදන, සිරිපාල ගම්ලත් මහවැලි, අනුරාධ ජයරත්න වාරිමාර්ග, සිසිර ජයකොඩි දේශීය වෛද්‍ය, ප්‍රසන්න රණවීර කර්මාන්ත, ඩී.වී. චානක සංචාරක සහ ධීවර, ඩී.බී. හේරත් පශු සම්පත්, කාදර් මස්තාන් ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන, අශෝක ප්‍රියන්ත වෙළෙඳ, අරවින්ද් කුමාර් වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්, ගීතා කුමාරසිංහ සංස්කෘතික හා ප්‍රසාංග කලා, ගුණපාල රත්නසේකර සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ, කපිල නුවන් අතුකෝරල සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන, වෛද්‍ය ගයාෂාන් නවනන්ද සෞඛ්‍ය, සුරේන් රාඝවන් අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ, ඩයනා ගමගේ ප්‍රවාහන, සීතා අරඹේපොළ අධ්‍යාපන හා තාක්ෂණ විජිත බේරුගොඩ වරාය හා නාවික යන අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරු ලෙස කටයුතු කරති.

අනුර බාලසූරියල අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment