රාගම, මුවර්ස්, කෝල්ට්ස්, එස්. එස්. සී. සහ බදුරලිය ජය ගනී

116

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ ජයග්‍රහණ වාර්තා කර ගැනීමට රාගම, මුවර්ස්, කෝල්ට්ස්, එස්. එස්. සී. සහ බදුරලිය කණ්ඩායම් සමත් විය.

රාගමට ලකුණු 336 ක ජයක්

රාගම පළමු ඉනිම පන්දුවාර 83.3 කදී සියලු දෙනා දැවී ලකුණු 305 යි – (සංජය චතුරංග 102, ජනිත් ලියනගේ 76, රන්මිත් ජයසේන 20, අවිශ්ක තරිඳු 24, සංජුල බණ්ඩාර 31, මොහොමඩ් ශිරාස් 47/3, ඩිල්රුවන් පෙරේරා 67/3)
බී.ආර්. සී. පළමු ඉනිම පන්දුවාර 42.1 කදී සියලු දෙනා දැවී ලකුණු 143 යි – (ලියෝ ෆ්‍රැන්සිස්කෝ 27, ලක්ෂාන් ගමගේ 52, කල්හාර සේනාරත්න 23/3, ශෂික දුල්ශාන් 45/2, ජනිත් ලියනගේ 18/4)

රාගම දෙවැනි ඉනිම පන්දුවාර 51 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 302 යි – (ළහිරු තිරිමාන්න 109, සමින්ද ප්‍රනාන්දු 23, රන්මිත් ජයසේන 34, අවිශ්ක තරිඳු 47, සංතුෂ් ගුණතිලක 39, සංජුල බණ්ඩාර 26, උමේෂ්ක මොරායස් 60/3)

බී.ආර්.සී. දෙවැනි ඉනිම පන්දුවාර 25.1 කදී සියලු දෙනා දැවී ලකුණු 128 යි – (ඩිල්රුවන් පෙරේරා 43, භානුක රාජපක්ෂ 26, ශෂික දුල්ශාන් 44/5, එෂාන් මාලිංග 13/2)

මුවර්ස් ක්‍රීඩා සමාජයට ඉනිමක සහ ලකුණු 62 ක දැවැන්ත ජයක්

කුරුණෑගල තරුණ පන්දුවාර 33.3 කදී සියලු දෙනා දැවී ලකුණු 90 යි – (දිල්හාර පොල්ගම්පොල 26, චමින්ද බණ්ඩාර 22, මිලාන් රත්නායක 18/3, ළහිරු සමරකෝන් 24/3)

මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 80.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 404 යි – (සොහාන් දි ලිවේරා 96, පසිඳු සූරියබණ්ඩාර 26, මොහොමඩ් ශමාස් 79, ජනිෂ්ක පෙරේරා 28, ළහිරු සමරකෝන් 79, මිලාන් රත්නායක 26, තිලාන් ප්‍රශාන් 31, ඩිලංක අවුරිත් 108/3, සනෝජ් දර්ශික 67/2)

කුරුණෑගල තරුණ දෙවැනි ඉනිම පන්දුවාර 69.1 කදී සියලු දෙනා දැවී ලකුණු 252 යි – (සමිත් ගොහෙල් 69, ඩිල්ෂාන් කලුරේ 21, සනෝජ් දර්ශික 51, අසන්ත බස්නායක 34, නවීන් ප්‍රනාන්දු 50, මිලාන් රත්නායක 50/4, ප්‍රවීන් ජයවික්‍රම 73/2, රමේෂ් මෙන්ඩිස් 68/2)

කෝල්ට්ස්ට ලකුණු 222 ක ජයක්

කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 74.3 කදී සියලු දෙනා දැවී ලකුණු 263 යි – (ඇන්ජලෝ මැතිව්ස් 124, ධනංජය ලක්ෂාන් 69, සංගීත් කුරේ 22, යොහාන් මැද්දගේ 67/3, මිතුන් ජයවික්‍රම 83/3, ගයාන් සිරිසෝම 66/3)

කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිම පන්දුවාර 44 කදී සියලු දෙනා දැවී ලකුණු 172 යි – (අභිෂේක් ගුප්තා 45, මදුර මදුශංක 44, අනුරීත් සිං 27, සදීෂ් ජයවර්ධන 22, අකිල ධනංජය 61/8)

කෝල්ට්ස් දෙවැනි ඉනිම පන්දුවාර 65.4 කදී කඩුලු 5 ක් දැවී ලකණු 313 යි – (සංගීත් කුරේ 129, විශාද් රන්දික 29, යශෝධ ලංකා 47, ධනංජය ලක්ෂාන් 56, මුදිත ලක්ෂාන් 28, ගයාන් සිරිසෝම 92/3, මිතුන් ජයවික්‍රම 115/2)

කැන්ඩි කස්ටම්ස් දෙවැනි ඉනිම පන්දුවාර 51.2 කදී සියලු දෙනා දැවී ලකුණු 182 යි – (අභිෂේක් ගුප්තා 104, යොහාන් මැද්දගේ 22, අකිල ධනංජය 74/7, කවිෂ්ක අංජුල 32/2)

එස්. එස්. සී. කණ්ඩායමට කඩුලු 10 ක ජයක්

ගාල්ල පන්දුවාර 73.3 කදී සියලු දෙනා දැවී ලකුණු 244 යි – (රාඝව් ධවාන් 27, ඉයන් සිං 23, කවිඳු එදිරිවීර 22, රුවන්ත කෙල්ලෙපොත 87, නිසල තාරක 58/5, කලන පෙරේරා 45/3)

එස්. එස්. සී. පළමු ඉනිම පන්දුවාර 96 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 421 යි – (නුවනිඳු ප්‍රනාන්දු 157, ෂෙවෝන් ඩැනියල් 64, නිපන් ධනංජය 69, රනුධ සෝමරත්න 33, ලක්ෂිත මනසිංහ 22, නිසල තාරක 30, උමේග චතුරංග 76/3, රුවන්ත කෙල්ලෙපොත 101/3)

ගාල්ල දෙවැනි ඉනිම පන්දුවාර 56 කදී සියලු දෙනා දැවී ලකුණු 216 යි – (ඕෂධ ප්‍රනාන්දු 67, කවිඳු එදිරිවීර 30, බුද්ධික හසරංග 21, ප්‍රභාත් ජයසූරිය 48/3, දිනුර කලුපහන 16/3, නිපුන් ධනංජය 13/2)

එස්. එස්. සී. දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුණු 33 යි

බදුරලියට ලකුණු 17 ක ජයක්

බදුරලිය පන්දුවාර 43 කදී සියලු දෙනා දැවී ලකුණු 137 යි – (තරිඳු සිරිවර්ධන 28, යෙසිත් රූපසිංහ 20, මොහොමඩ් ඩිල්ෂාඩ් 47/5, චාමික එදිරිසිංහ 16/2, ශශ්‍රික පුස්සෙගොල්ල 20/2)

සෙබස්තියනයිට්ස් පන්දුවාර 51.3 කදී සියලු දෙනා දැවී ලකුණු 136 යි – (ඉසිවර දිසානායක 36, පර්වේස් රසෝල් 60/4, චානක කොමසාරු 55/3, අලංකාර අසංක 16/2)

බදුරලිය දෙවැනි ඉනිම පන්දුවාර 50.4 කදී සියලු දෙනා දැවී ලකුණු 178 යි – (යෙසිත් රූපසිංහ 63, පර්වේස් රසූල් 44, අනුක් ප්‍රනාන්දු 24, චාමික එදිරිසිංහ 69/5, තරිඳු රත්නායක 64/3, මොහොමඩ් ඩිල්ෂාඩ් 08/2)

සෙබස්තියනයිට්ස් පන්දුවාර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 169 යි – (තුලින ඩිල්ෂාන් 27, පර්වේස් රසූල් 76/3 චානක කොමසාරු 59/5)

advertistmentadvertistment
advertistmentadvertistment