රාමසාන් උත්සවයේ ප්‍රධාන යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේදි.

159

මුස්ලිම් භක්තිකයන්ගේ වාර්ෂික ප්‍රධාන ආගමික උත්සවයක් වන රාමසාන් උත්සවය (10) දිනට යෙදි ඇත.

මාසයක පමණ කාලයක් මුස්ලිම් භක්තියන් උපවාසයේ යෙදෙමින් (10) දින සිය උපවාසය අත්හැරිමට ප්‍රථම වතුකරයේ ප්‍රධාන මුස්ලිම් පල්ලියක් වශයෙන් සැලකෙන හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති ප්‍රධාන යාඥාවට සහභාගි විය.

හැටන් ජුම්මා පල්ලියේ ප්‍රධාන මවුලවි සහජාන් මවුලවිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම යාඥාව පැවති අතර , යාඥාවට වතුකරයේ විශාල මුස්ලිම් භක්තිකයන් පිරිසක් පැමිණ සිටිහ.

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති යාඥාවට පැමිණි මුස්ලිම් භක්තිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හැටන් පොලිසිය විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලක් දියත් කර තිබුණි.

රාමසාන් උත්සවයේ ප්‍රධාන යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේදි.
රාමසාන් උත්සවයේ ප්‍රධාන යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේදි.
advertistmentadvertistment
advertistmentadvertistment