රිය අනතුරකින් දෙදෙනෙක් මරුට

327

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල ප්‍රදේශයේ දී උදෑසන ත්‍රිරෝද රථයක් බසයක ගැටී මාරක අනතුරක් සිදුව තිබේ.අනතුරින් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. බරපතළ තුවාල ලැබු දරුවෙකු ඇතුළු තිදෙනෙක් රෝහල්ගත කර තිබේ. අද උදෑසන 6ට පමණ මෙම අනතුර සිදුව තිබේ.මියගිය දෙදෙනා ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ඔවුන් පෞද්ගලික ගමනක් යමින් සිටිය දී අනතුර සිදුව ඇත.ත්‍රිරෝද රථ රියදුරුට නින්ද යෑමෙන් මාර්ගයේ වැරදි පැත්තෙන් ධාවනය වී ඉදිරියෙන් පැමිණි ඇඹිලිපිටිය – යාපනය බස් රථයේ මුහුණට මුහුණ ගැටී තිබේ.තුවාල ලැබු අය අතර එක් කාන්තාවක්, පිරිමි පුද්ගලයෙක් සහ අවුරුදු 7ක පමණ කුඩා දැරියක් සිටින බව ද වාර්තා වේ.ඔවුන් දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment