රුපියල් 50කට පිහි ඇනුමක්

58

රුපියල් පනහකට බහින් බස්වී පුද්ගලයකුට පිහියෙන් ඇන තුවාල සිදු කළ බව කියන අයකු දකුණු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පලාතොට, ගොඩපරගහහේනේ පදිංචිකරුවෙකුවූ කන්දෙපිල්ලේ යෝගනාදන් නම්වූ අයෙකි.

මෙම සිද්ධියෙන් පසු සැකකාර පාර්ශ්වයේ පිරිස රුපියල් දහදාහක් දී සිද්ධිය සමතයකට පත් කර ගැනීමට යෝජනා කර තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන තිබූ සැකකරු (20) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

දකුණු කළුතර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කළුතර විශේෂ – එස්. ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment