රූපවාහිනියට පැන්න දෙවැන්නා භාරවේ

112


ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වී එහි කටයුතුවලට බලපෑම් කරන ලදැයි චෝදනා ලද දෙවන තැනැත්තා වන චමින්ද කැලුම්ප‍්‍රිය අමරසිංහ (45) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අද (22දා) දිනයේ කුරුඳුවත්ත පොලිසියට භාරවීමට පැමිණීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සමඟ ජාතික රූපවාහිනිය ඇතුළු වූ අනෙක් සැකකරු වන ධනිෂ් අලි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මේ වන විට ඇප මත මුදා හැර තිබේ.


advertistmentadvertistment