නිරෝධායන නීතිය පෙන්වා මුදු දෙක ගලවාගෙන ගිහින්

249

හිරු මෝදු වී අවරට යමින් තිබිණි. වැලිවේරිය නගරය සුපුරුදු කලබලයකය. මධුමාධව වැලිවේරිය නගරයට ආවේ යම් කටයුත්තක් කර ගැනීමටය. නමුත් ඔහුට එකක් අමතක වී තිබිණි. ඒ අන් කිසිවක් නොව මුව ආවරණයයි. මුව ආවරණය පැළඳ සිටියත් එය තිබුණේ බෙල්ලට දමාගෙනය.

‘‘කෝ මාස්ක් එක. ඔහොමද තමුන් මාස්ක් එක දාන්නෙ. යමු පොලිසියට’’ තරුණයින් දෙදෙනෙක් මධුමාධවට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්නට ගත්තේ සිවිල් පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ භූමිකාවකට පණ පොවමිනි.

‘‘සර්… මට සමාව දෙන්න. මගෙ අතින් වරදක් තමයි වුණේ’’ මධුමාධව කීවේ අසරණ වෙමිනි.

‘‘එහෙම හරියන්නෙ නෑ. නිරෝධායන නීතිය යටතේ දඩයක් ගෙවන්න වෙනවා’’ නීතිය තද විය.

‘‘එපා සර්… මේ දවස්වල කන්නත් සල්ලි නෑ’’ ඔහු කීය. වැලිවේරිය පල්ලිය පිටුපසට මධුමාධව කැඳවාගෙන ගිය සිවිල් ඇඳුමින් සිටි දෙදෙනා ඔහුගේ අතැ`ගිලි වල තිබූ රන් මුදු දෙක ගලවා ගත්තේ ඔය අතරය.

මධුමාධවට ඒ නීතිය නම් තේරුණේ නැත. ඔහු කෙළින්ම ගියේ වැලිවේරිය පොලිසියටය. ඒ තරුණයින් දෙදෙනා පොලිස් වෙස් ගත් මංකොල්ලකරුවන් දෙදෙනෙකි. මේ සිද්ධිය පොලිස් පොතේ සටහන් විය. මේ කතාව ‘දිවයින’ට කීවේ මාධ්‍යවේදී නිශාන් එස්. පි‍්‍රයන්ත මහතාය.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment