මහජන සෞඛ්‍ය නිලධාරීන් සඳහා සුවිශේෂී සන්නිවේදන විසඳුම් පිරිනැමීමට එයාර්ටෙල් GMOA සමග අත්වැල් බැඳගනී

59

ශ්‍රී ලංකාවේ දේශීය ආයතන සමඟ සමීපව කටයුතු කිරීමේ සිය කැපවීම අඛණ්ඩව පවත්වා ගනිමින් එයාර්ටෙල් ලංකා සමාගම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) සහ එහි 23,000 ක් වන සාමාජිකයින්ට සුවිශේෂී සන්නිවේදන විසඳුම් සැපයීම සඳහා එම සංගමය සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පැවති විශේෂ උත්සවයකට GMOA නියෝජනය කරමින් එහි සභාපති, වෛද්‍ය දර්ශන සිරිසේන, ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ, උප සභාපති, වෛද්‍ය චන්දික එපිටකඩුව, සහකාර ලේකම්, ආචාර්ය ප්‍රභාත් සුගතදාස සමඟින් එයාර්ටෙල් ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා, විකුණුම් ප්‍රධානී, අතුල දිසානායක, ප්‍රධාන අලෙවි නිලධාරී, ශාන්ත ප්‍රනාන්දු, ප්‍රධාන සේවා නිලධාරි, ෆවාස් නිසාම්ඩීන් සහ කළමනාකාර, පසුගෙවුම් පැකේජ විකුණුම්, ඉඳුනිල් සඳරුවන් යන මහත්වරුන් සහභාගී විය.

මෙම හවුල්කාරීත්වය හරහා, දිවයින පුරා ඇති ජාතික රෝහල් 126 සිටින GMOA හි සාමාජිකයින් සියලු දෙනාට වසර 1 ක කාලයක් සඳහා අසීමිත ඇමතුම් ලබා ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම එයාර්ටෙල් හි ව්‍යවසාය විසඳුම් සහ අමතර අගය එකතු කිරීමේ සේවාවන් හරහා එයාර්ටෙල් විසින් GMOA වෙත කාර්යාලීය සම්බන්ධතා සහ අනෙකුත් සේවාවන් ද සපයනු ඇත. එයාර්ටෙල් හි නව්‍ය ව්‍යවසාය සේවා මගින් වැඩි කාර්යක්ෂමතාවයක් සහ ඵලදායිතාවයක් ලබා ගැනීම සඳහා පුළුල් පරාසයක විහිදුනු ව්‍යාපාර සවිබල ගන්වනු ලබයි. මේවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තීරණාත්මක අවශ්‍යතාවයන් ලෙස මූලිකව පිළිගැනේ.

advertistmentadvertistment
advertistmentadvertistment