රොනාල්ඩෝගෙන් ලෝක වාර්තාවක්

531

සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝක කුසලාන පාපන්දු තරගාවලි 5කදී ගෝල රැස් කළ පළමු ක්‍රීඩකයා බවට ඊයේ (25 වැනිදා) අලුයම ලෝක වාර්තාවක් තැබීය.

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඝානාව සමග ඊයේ පැවති තරගයේදී ගෝලයක් රැස් කරමින් එම වාර්තාව තැබීමට රොනාල්ඩෝ සමත් වූයේය.

රොනාල්ඩෝ ඊට පෙර 2006, 2010, 2014 සහ 2016 යන වසරවලදී තම රට වෙනුවෙන් ගෝල වාර්තා කර තිබුණි. රොනාල්ඩෝ ඊයේ වාර්තා කළේ ලෝක කුසලාන තරගාවලිවල සිය 8 වෙනි ගෝලයයි. එසේම රොනාල්ඩෝ ගේ 18 වෙනි ලෝක කුසලාන තරගය වූ එම තරගය 3-2 ක් ලෙස ජය ලැබීමට පෘතුගාලය සමත් විය. රොනාල්ඩෝ ට අමතරව රෆායල් ලියෝ සහ ජේ. ෆෙලික්ස් පෘතුගාලය වෙනුවෙන් ගෝල වාර්තා කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment