ශ්‍රී ලංකාවේ සහායට ඉන්දියාව එක්වෙයි

438


ශ්‍රී ලංකාවට හදිසි මූල්‍ය ආධාර සපයන ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතරාමන් මහත්මිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි බව ඉන්දීය මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා උදව් වීමට ශ්‍රී ලංකාවට හදිසි මුල්‍ය ආධාර කඩිනමින් ලබා දෙන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි බව එම නිවේදනයේ දැක්වේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් ඉකුත් 19 වැනිදා පැවැත්වූ හමුවේදී මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් මහත්මිය මෙම ඉල්ලීම කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment