බණ්ඩාරනායක ජන්ම දින සැමරුම ගාලුමුවදොර දී….

74

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය ශ්‍රීමත් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 125 වැනි ජන්ම දින සැමරුම් උත්සවය ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අබියසදී ඊයේ (08 දා) පැවැත්විණි. එම අවස්ථාවට සහභාගි වූ හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය, බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අයුරු මෙහි දැක්වේ. හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සුහද කතාබහක නිරත වූ අයුරු ද මෙහි දැක්වේ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද සහභාගි වූහ.

ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment