ටික් ටොක් ලෝචිගේ අලූත්ම රංගනය

695

ලෝචනා ජයකොඩි කියන්නේ ලංකාවේ ටික් ටොක් කලාව හා යූ ටියුබ් වෙනත් පැත්තකට අරගෙන ගියපු දඟකාර කටකාර තරුණියක් ලෝචිගේ ටික්ටොක් ලංකාවේ වගේම පිටරට පවා ජනප‍්‍රියයි. ඒ නිසාම දවසෙන් දවස සමාජ මාධ්‍යවල ලෝචිට තියෙන ඉල්ලූම වැඩි වෙනවා. ටික් ටොක් වල වැඩි ආකර්ෂණයක් දිනාගත්ත ලෝචි මේ දවස්වල සියත නාලිකාවේ රේස් ටෙලි නාට්‍ය හරහාත් පේ‍්‍රක්ෂකයන්ට දැක බලාගන්න පුළුවන්. තමන්ගේ සැබෑ ජීවිතයේ අත්දැකීම් රේස් නාට්‍යයේ රන්දුලී ගේ චරිතය සාර්ථකව කරන්න ලොකු පිටිවහලක් වුණා කියලා තමයි ලෝචි නම් කියන්නේ.

 * ලෝචි ටෙලිනාට්‍ය රංගනයට එන්න තීරණය කළේ ටික් ටොක් එපා වෙලාද ?

 මට කවදාවත් ටික් ටොක් යූ ටියුබ් එපා වෙන්නේ නෑ. තවමත් වෙනදා වගේම මම ටික් ටොක් කරනවා. යූ ටියුබ් එකට වීඩියෝ දානවා. මොනදේ වුණත් ඒ දේවල් නතර වෙන්නේ නෑ. ඒත් මට කවදා හරි ටෙලිනාට්‍ය රංගනය සම්බන්ධයෙන් අත්දැකීමක් ලබාගන්න මට වුවමනාවක් තිබුණා. මොකද මම මියුසික් වීඩියෝ කිහිපයක සහ වෙළෙඳ දැන්වීම් කිහිපයක රඟපාලා තියෙනවා. ටෙලි නාට්‍යවලට ආරාධනා ආවත් මෙගා ටෙලි නාට්‍ය නිසා මම ඒ ආරාධනා භාරගත්තේ නෑ.

 සීකාමයි, ධනුෂ්ක අයියා රේස් ටෙලි නාට්‍ය සඳහා ආරාධනා කරද්දි මම ඒක භාරගත්තේ ඒ චරිතය මට සමීප එකක් නිසා. අනික් කාරණය තමයි මගේ ආදරණීය පේ‍්‍රක්ෂකයන් වැඩි දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුණා ටෙලි නාට්‍යයක රඟපාන්න කියලා. ඒ දේවල් නිසා තමයි මම ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වෙන්න තීරණය කළේ.

 * රේස් වල රංගනයෙන් පස්සේ ටෙලි නාට්‍ය සඳහා ලැබෙන ආරාධනා ප‍්‍රතික්ෂේප කරනවද ?

 මම මුලින් කිව්ව වගේ මට මෙගා ටෙලි නාට්‍යවල රඟපාන්න ලොකු කැමැත්තක් නෑ. සිනමා නිර්මාණයකට රංගනයෙන් දායකවෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ වගේම තමයි ටෙලි නාට්‍යයකට වුණත් වෙනස් විදියේ චරිතයක් ලැබෙනවා නම් ඒ ගැන හොඳට හිතලා තීරණයක් ගන්නවා. දැනට මම මගේ යූ ටියුබ් චැනල් එකට සහ ටික් ටොක් වලට තමයි වැඩි අවධානයක් දීලා තියෙන්නේ. සමාජ මාධ්‍ය පිළිබඳව වැඩිදුර හැදෑරීමක් කරල අලූත් නිර්මාණ කිරීම තමයි මගේ බලාපොරොත්තුව.

 * කොහොමද රන්දුලීට ලැබෙන ප‍්‍රතිචාර ?

 රන්දුලීගේ චරිතයට පේ‍්‍රක්ෂකයින් ගොඩක් ආදරය කරනවා. වත්තක හැදෙන ගෑනු ළමයෙක් නිසා රන්දුලී කටකාරයි. ඒ වගේම අම්මා තාත්තා කියන දේ එකපාරම

 පිළිගන්නේ නැති හිතුවක්කාර චරිතයක්.

 විශේෂම කාරණය තමයි ඇත්ත ජීවිතයේදී වගේම මම රේස් නාට්‍යයේත් වැඩිපුරම කාලය ගතකරන්න සෝෂල් මීඩියා එක්ක.

 * ටික් ටොක් කරන්න පටන් ගත්තෙ මුදල් ඉපයීමේ අරමුණෙන්ද?

 ඉස්සර මම බටහිර නර්තන ගුරුවරියක් ලෙස වැඩ කළා. පොඩි කාලෙ ඉ`දන්ම නර්තනයට කැමැතියි. ඒ නිසා මම මගෙ යාළුවා කැළුම් එක්ක එකතු වෙලා ටික් ටොක් වීඞීයෝ කරන්න ගත්තා. ඒ වීඩියෝ ගොඩක් සාමාජ මාධ්‍යවල පැතිරෙන්න ගත්තා. විනෝදාංශයක් විදියට තමයි ටික් ටොක් කළේ. ඒකෙන් මුදල් ඉපයීමේ අරමුණක් මට තිබුණේ නැහැ.

 * දවසින් දවස ටික් ටොක් වලට ප‍්‍රතිචාර වැඩි වුණ නිසාද යූ ටියුබ් චැනල් එකක් පටන්ගත්තේ ?

 මම විදේශීය යූ ටියුබ් නාලිකා පිළිබඳව හොයල බැලූවා.කැකැ චදබි කියලා යූ ටියුබර් කෙනෙක් ඉන්නවා. එයාගෙ වීඩියෝ දකිද්දී මට හිතුණා එයත් කෙල්ලෙක්නේ. ඇයි මටත් බැරි කියලා. එහෙම හිතලා තමයි ලෝචි කියලා යූ ටියුබ් චැනල් එකකුත් පටන් ගත්තේ. ආසාවට කරපු දෙයක් වුණත් දැන් ඒ වැඬේ අති සාර්ථකයි. මුදල් ඉපයීමේ අරමුණින් ආරම්භ නොකළත් අද මම යූ ටියුබ් නිසා මුදල් උපයනවා.

 * ඒ කියන්නේ දැන් ලෝචි වෘත්තියෙන් යූ ටියුබර් කෙනෙක් ?

 මුලින් මම සුම්බා පිළිබඳව සුදුසුකම් තියන පුහුණු කිරීම් නිලධාරිනියක් ලෙස කටයුතු කළා. ඊට පස්සේ ටික් ටොක් ර්‍ණයූ ටියුබ් වැඩ එක්ක කාර්ය බහුල වෙද්දි මම මගේ සම්පූර්ණ කාලයම නිර්මාණකරණය වෙනුවෙන් කැප කළා. මම හිතනවා දැන් මම වෘත්තීයමය යූ ටියුබර් කෙනෙක් කියලා.

 * ඇතැම් පිරිස් ටික් ටොක් කරන අයව විවේචනය කරනවා කොහොමද ඒ අභියෝගවලට මුහුණ දුන්නේ?

 දැන් මිනිස්සු සෝෂල් මීඩියා ගැන තේරුම් අරන් ඉන්නේ. සෝෂල් මීඩියා කියන්නේ හොඳට වගේම නරකටත් පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. ඉතින් ටික් ටොක් එකක් කරන එක වීඩියෝ එකක් කරන එක නරක දෙයක් වෙන්නේ නැහැ.ටික් ටොක් වලට ආව මුල් කාලේ නම් බොහෝ විවේචන තිබුණා. මම අඳින විදිහට කතාකරන විදිහට ගොඩක් අය බැන්නා. නමුත් මම ඒ දේවල් වලින් සැලූනේ නෑ. මගේ ගමන ආවා. මට බොරුවට මඩ ප‍්‍රචාර පැතිරුවා. ඒවට බය වෙලා මගේ ගමන නතර කළා නම් අද ලෝචි කියලා කෙනෙක් නෑ. කෙල්ලෙක්ට ඕනෑම තැනකදී ඉදිරියට එද්දි බාධා ඇති වෙනවා. ඒවා දරාගෙන ඉන්න එක තමයි වැදගත් වෙන්නේ.

 * සාමාන්‍ය ජීවිතයේ ලෝචි කියල කියන්නෙ මොනවගේ කෙනෙක්ද?

 මම මගේ නංගිලා දෙන්නත් බලාගෙන සරලව ජීවිතය ගෙනියන නිදහසේ ජීවත්වෙන කෙනෙක්.ඒ වගේම තමයි මම සත්තුන්ට හරිම ආදරෙයි. විශේෂම කාරණය මම බෞද්ධයෙක් නිසා හැම තිස්සෙම ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගෙන ජීවත්වෙන්න උත්සාහ කරනවා. බෞද්ධාගමට වගේම අනෙක් හැම ආගමකටමත් හැම මනුස්සයෙක්ටමත් මම ගරු කරනවා.

 * නංගිලා දෙන්නත් බලාගෙන කොහොමද යූ ටියුබ් එකේ වැඩ කටයුතු කර ගන්නේ?

 මම කොච්චර කාර්යබහුල වුණත් පුද්ගලික දේවල් එක්ක මගේ වෘතීමය ජීවිතය පටල ගන්නේ නැහැ. අනික නංගිලා දෙන්නත් මට පුළුවන් උපරිමයෙන් සහයෝගය ලබා දෙනවා. මට මතකයි මගේ අම්මා පොඩි කාලේ හැමදේම බැලන්ස් කරගෙන කරපු විදියහ.එයාගේ ශක්තිය මටත් ඒ විදිහටම තියනවා කියලා මම විශ්වාස කරනවා.

 * නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment