ලයිසන් නැති අයකුට වාහනයක් දීමත් වරදක්

381

මහනුවර අයකුට රු.25000ක දඩ වදී

රියැදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් ධාවනය කිරීම මෙන්ම රියැදුරු බලපත්‍රයක් නොමැති අයකුට මහා මාර්ගයේ ධාවනය කිරීම සඳහා වාහනයක් ලබා දීම ද දඬුවම් ලැබිය යුතු වරදක් බව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වුණු නඩුවකදී සනාථ විය.

මෝටර් රථයක් ධාවනය කිරීමට බලපත්‍රයක් නොමැති අයකුට සිය මෝටර් රථය ලබාදුන් පුද්ගලයකුට මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් මොහමඩ් රාෆි මහතා රුපියල් 25,000ක් දඩයක් නියම කළේය.

දඩය නියම වූයේ මහනුවර පදිංචිකරුවකුටය. මහනුවර පොලිසිය මගින් නඩුව පවරා තිබිණි.

සිරිල් විමලසුරේන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment