ලාදුරුවලට ඖෂධයක් පස් ගුණයක් වැඩි මිලට අරන්

118

සෞඛ්‍ය වෘත්තියවේදී සංගමය

ලාදුරු රෝගයට ප්‍රතිකාර කිරීම සහ සමේ රෝගයකට ප්‍රතිකාර ලෙස ලබාදෙන ‘ඩැප්සෝන්’ නමැති ඖෂධය පස් ගුණයක් වැඩි මිලට ගෙන ඇතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා 2023 වර්ෂයේ සිදුකළ ප්‍රසම්පදනයකදී ඩැප්සෝන් (Dapsone) නමැති ඖෂධයේ මිලි ග්‍රෑම් 50 ක් බරැති පෙති 100 ක පැකට්ටුවක් ඇමරිකන් ඩොලර් 58.33 ක මිලට ගෙන ඇති අතර එම ඖෂධයේම මිලි ග්‍රෑම් 25 පෙති 30 ක් අඩංගු පැකට්ටුවක් ඇමරිකානු ඩොලර් 490 ක් වැනි මුදලකට මිලදී ගෙන ඇති බව ඔහු පවසයි.

මෙම මිලදී ගැනීමේදී වංචාවක් පෙනෙන්නට ඇතත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ එය අභියෝගයට ලක්නොවීම වර්තමානයේ මතුව ඇති සෞඛ්‍ය ගැටලුවේ සංකීර්ණ බව හඳුනා ගැනීමට නිදසුනක් බව ද ඔහු කියා සිටී.

මෙම ඖෂධය ලාදුරු රෝගයට ප්‍රතිකාර කිරීමට සහ සමේ ගැටලුවක් වන ඩර්මැට්ටිස් හර්පෙට් ෆෝම්ස් පාලනය කිරීමට උපකාරී වන බව ද කුමුදේශ් මහතා කියයි.
චමින්ද සිල්වා


advertistmentadvertistment