ලිට්‍රෝ අඩු වුණත් ලාෆ් අඩු නොවෙයි

63

ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 100 කින් පහත දමා ඇත.

එහි නව මිල රුපියල් 3,638කි. මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 40කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,462කි. කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 19 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 681කි. කෙසේ වෙතත් ලාෆ් ගෑස් සමාගම පවසන්නේ සිය ගෑස් නිෂ්පාදන මිල අඩු නොකරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment