වතු කම්කරු 1700 ට එරෙහි රිට් පෙත්සම කල් යයි

13

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමිය යුතු බවට නීතියක් පනවමින් කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පසුගිය මැයි 21 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් වතු හිමියන්ගේ සංගමය විසින් ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන නොවැම්බර් 8 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (26දා) නියෝග කළේය.

එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේදී කැඳවිණි.

එම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසත් පෙත්සම් විභාගය අවසන් වනතුරු කම්කරු අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනා ලෙසත් නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සම මගින් වතු හිමිකරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි. කෙසේ නමුත් එකී අතුරුතහනම් නියෝගය නිකුත් කිරීම පසුගිය ජුනි 3 වැනිදා ප්‍රතික්ෂේප කළ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල එම පෙත්සම සලකා බැලීම ඊයේ (26දා) දක්වා කල්තැබීමට නියෝග කොට තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment