බාලාරිෂ්ට ශාපයේ ගොදුරක් වූ වීර මද්දුම බණ්ඩාර

2829

විරුවන්ගේ ලෙයින් තෙත් වූ අපගේ මාතෘ භූමිය තුළ පහළ වූයේ එකම ළමා වීරයකු පමණි. වර්තමානයේ ළමා මනස තුළ ජීවත් වන බෑට් මෑන්, සුපර් මෑන්, ස්පයිඩර් මෑන් වැනි මනඃකල්පිත වීර චරිත මගින් නිරූපණය වනුයේ කිසිම දිනෙක යථාර්ථයක් නොවන කිසිදා ලොවෙහි නොසිටි එමෙන්ම කවදාවත් පහළ නොවන වීරයෝය.

එහෙත් අපගේ රටේ පහළ වූ එකම ළමා වීරයා වූයේ වීරමද්දුම බණ්ඩාර කුමරු පමණි. රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනයත් ආරක්‍ෂා කර ගැන්මේ ඒකායන බලාපොරොත්තුවෙන් සටන් බිමට පිවිසි ඇහැළේපොළ මහාධිකාරම්තුමාගේ කනිටු පුත් කුමරු වූයේ අපගේ මද්දුම බණ්ඩාර කුමරුවාය.

ඇහැළේපොළ අධිකරම්තුමාටත්, ඇහැළේපොළ කුමාරිහාමිටත් දාව 1806 මාර්තු මස 06 වැනි ගුරු දින පස්වරු 4.35 (16.25) ට පමණ සඳු හිමි කටක ලග්නයෙන් උපත ලද මද්දුම බණ්ඩාර කුමරු හට සුරගුරු හෙවත් ගුරුව හිමි මීන නවාංශකය හිමිවිණි. ජන්ම නැකත වූයේ සඳු හිමි, ‘නක’ නැකත් 2 වන පාදයයි. මහ දසා ශේෂය සඳුට අවුරුදු 05 යි මාස 11 යි දින 13 ක් ඉදිරියට පැවතිණි.

මෙම මහ දශා කාලය තම මව වන ඇහැළේපොළ කුමාරි හාමිගේ සෙවනේ හැදුන වැඩුන පුංචි මද්දුම බණ්ඩාරයන් කුඩා කළ සිටම නිර්භීත දරුවකු විය. ඇහැළේපොළ පවුලේ දෙටු පුතු වූයේ ලොකු බණ්ඩාර කුමරුය.

වැඩිමල් සොයුරු ලොකු බණ්ඩාරයන් සමග කෙළි දෙළෙන් කල් යැවූ මද්දුම බණ්ඩාරයන්ගේ කුඩා මනසට නිතරම ඇසුණේ තම පියාවූ ඇහැළේපොළ අධිකාරම්තුමාගේ දේශපේ‍්‍රමී ව්‍යාපාරය පිළිබඳවය. තම පියා සමග උඩරට රජු වන ශී‍්‍ර වික‍්‍රම රාජසිංහයන් එතරම් හොඳ හිතක් පවත්වාගෙන නොගිය බව සිය කුඩා මනසට ක‍්‍රමයෙන් වැටහෙන්නට විය.

බාලාරිෂ්ට ශාපයේ ගොදුරක් වූ වීර මද්දුම බණ්ඩාර

කටකයෙන් උපත ලද මද්දුම බණ්ඩාරයන්ගේ කේන්දරය ඉතා අගනා මෙන්ම බලවත් යෝග රැසකින් අලංකෘතව තිබිණි. උසස් මානසික තත්ත්වයක් හා මතක ශක්තියක් ලබාදෙන බුධ ආදිත්‍ය හෙවත් නිපුණතා යෝගය, පංච මහා පුරුෂ යෝගයක් වන ‘ශශ’ යෝගය, ආධ්‍යාත්මික ගුණ වගාවට කාරක වුණ ගජකේශරී යෝගය, ව්‍යක්ත කථිකත්වයක් ලබාදෙන ‘පාශ’ යෝගය නිර්භීත බව ප‍්‍රදානය කරවන ‘අධියෝගය’ බොහෝ කලකට මිනිසුන් තුළින් ඈත් නොවන නොමින නමක් දායාද කරවන ‘කාහල යෝගය’, සඳුගෙන් දෙවැන්නේ ශනි හෙවත් සෙනසුරු තැන්පත් වීමෙන් නිර්මාණය වන ‘සුන්‍යා’ යෝගය හේතුවෙන් සියලූ දෙනාගේ සැලකිල්ලට භාජනය වන විශේෂ පුද්ගලයකු බිහිකරවයි මද්දුම බණ්ඩාරයන් කුඩා කල සිටම නිරෝගී අයෙකු වූ අතර ලෙඩ දුකින් තොර දිවියක් ගත කිරීමේ වාසනාව ‘විද්‍යුත’ යෝගයෙන් ලබාදී තිබේ. මෘදංග හා හේරි යෝගයෙන් උසස් පුද්ගලයන් ඇසුරු කිරීමට ලැබෙන බවත් පෙන්නුම් කරයි. මෙම යෝගවලට අමතර තවත් යෝග ගණනාවක් පුංචි මද්දුම බණ්ඩාරයන්ගේ කේන්දරයේ දක්නට ඇත.

ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුට විරුද්ධව ඇහැළේපොළ අදිකාරම කටයුතු කිරීමට පෙළඹෙන්නට ප‍්‍රධාන හේතුව වූයේ 1812 දී වඩිග රජු විසින් තම මාමණ්ඩිය වූ පිළිමතලව්වේ මහ අධිකාරම මරා දැමීමේ පළිය ගැනීමටය. එපමණක් නොව වඩුගයකු කන්ද උඩරට පාලනය කිරීම කිසිසේත් ඔහුට රිසී නොවීය. ඔහුට අවශ්‍ය වූයේ රටත්, ජාතියත්, ආගමත් ගලවා ගැනීම සඳහා සිංහල ජාති හිතෛෂියකු රජකමට පතකර ගැන්මටය.

පිළිමතලව්වේගෙන් පසුව ඇහැළේපොලව මහාධිකාරම් තනතුරට පත් කළද, රජු ඇහැලේපොළ පිළිබඳව විශ්වාසයක් නොතැබූ අතර රජුගේ සිතේ ඔහු පිළිබඳව පැවතියේ කෝපයකි. එනිසාම ශී‍්‍ර වික‍්‍රම රාජසිංහයන් ඇහැළේපොල අධිකාරම්ව සබරගමුවට මාරුකර යවන ලදී.

එහිදී මොල්ලිගොඩ අධිකාරම්ගේ කේළාම් බස් ඇසූ රජු, ඇහැළේපොලව නැවත කන්ද උඩරටට කැඳ වුවද, ඇහැළේපොළ පැමිණියේ නැත. රජු තමාව මරවන්නට සැලසුම් කර ඇති බව වටහා ගත් ඇහැළේපොළ අධිකාරම රජුට විරුද්ධව කැරලි ගැසීමට ජනතාව පෙළගස්වන්නට වූ අතර ඒ සඳහා රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාවරයාගේ සහය ඉල්ලීය. බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ඇහැළේපොළ අධිකාරම්ට උදව් කරීමට කැමැත්ත පළ කළද පසුව එම අදහස අත්හරින ලදී.

රොබට් බ‍්‍රවුන්රිග් ගේ දෙබිඩි පිළිවෙත නිසා ඇහැළේපොළ අසරණ විය. 1814 දී රජුට විරුද්ධව සබරගමුවෙන් ආරම්භ කළ කැරැල්ල අසාර්ථක වූ අතර කැරලිකරුවන් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන රජු අණින් මරා දමන ලදී. ඇහැළේපොළ අල්ලා ගැනීමට මොල්ලිගොඩ ගත් උත්සාහය ව්‍යාර්ථ වූයෙන් ඇහැලේපොළ ඉංගී‍්‍රසින්ගේ රැකවරණය පතා කොළඹට පළා ගියේය.

බාලාරිෂ්ට ශාපයේ ගොදුරක් වූ වීර මද්දුම බණ්ඩාර
මද්දුම බණ්ඩාර කුමරු මියගිය මොහොතේ තත්කාල කේන්දරය

ඇහැළේපොළ අල්ලා ගැනීමට නොහැකි වූයෙන් වඩුග රජා මහත් සේ කිපුණි. ඇහැළේපොළගේ භාර්්‍යාව, දරු දෙදෙනා හා සොහොයුරා හා ඔහුගේ බිරිඳත් මරා දැමීමට රජු අණ දුන්නේය. පිරිමින්ගේ හිස් ගසා දැමීමටත්, ගැහැණුන් දියේ ගිල්වා මැරීමටත් නියේග පැනවිය. ඇහැලේපොළගේ අත දරුවා වංගෙඩියක දා කොටවන්නට කුමාරිහාමිට අණ කෙරිණි.

කෲර වඩග රජාගේ අත්තනෝමතික තීන්දුව ඇසූ ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු පිරිස මහත්සේ වික්ෂෝපයට පත්වූහ. සුද්දන්ගෙන් තෑගි ලෙස ලද මත් පැනින් හොඳ හැටි සප්පායම් වී සිටි ශී‍්‍ර වික‍්‍රම රාජසිංහයන් මාලිගාවේ පත්තිරිප්පුවට වී බමන මතින් යුතුව බලා සිටිනුයේ ඇහැළේපොල කුමාරිහාමි ඇතුළු දරුවන් වධක භූමිය වෙත රැගෙන එන තෙක්ය.

1814 මැයි මස 17 වැනි කුජ දිනයේ හිරු නුවර වැවට උඩින් අවරගිර බලා ගමන් කරමින් සිටි අතර නුවර අහස කෙමෙන් කෙමෙන් කළුවර ස්වභාවයෙන් උසුලන්නට විය. පරිසරය පුරා පැතිර ගියේ අඳුරු සෝබර බවකි. මධ්‍යහ්නය පසුවී හෝරා දෙකකට ළඟා වෙමින් පැවතියද මහනුවර නාථ දේවාලයත්, විෂ්ණු දේවාලයත් අතර පිහිටි ‘දේව පංහිඳ’ නමැති ස්ථානයට ඉහළින් ඇති අහස වැසි වළාකුලකින් වැසී ගියේය.

ඒ වන විට අපගේ පුංචි වීර මද්දුම බණ්ඩාර පුතු ගත කරමින් සිටියේ කුජ මහ දශාව හා හයවැන්නේ පිහිටි ගුරුගේ අතුරු දශාවය. කටකයට කුජ හා ගුරු ශුභ ඵල දෙක ග‍්‍රහයින් දෙදෙනකු වුවද, උපතින් ඔවුන් පිහිටියේ සතුරු ස්ථානගතව හා මාරක ස්ථාන ගතවය. එමෙන්ම අටවැන්න වූ මාරක ස්ථානයේ රවි, බුධ, කුජගේ තී‍්‍රගහ සංයෝගය මගින් බාලාරිෂ්ඨ දෝෂයක් කි‍්‍රයාත්මක වෙමින් තිබුණි.

රවි ග‍්‍රහයාගෙන් පියා නියෝජනය කළ අතර පාපි බුධගෙන් ළමා වියද කුජගෙන් ලේ වගුරුවන මරණයද පුංචි මද්දුම බණ්ඩාරයන්ට දෛවය විසින් උරුම කරදී තිබූ බව නොරහසකි. වඩුග රජුගේ හා ඇහැළේපොළ අධිකාරම්තුමාගේ වෛරයට ගොදුරක් වන්නට මද්දුම බණ්ඩාර අතුළු ඇහැළේපොළ පවුලේ අයට සිදුවූත් කුමන කරුමයක් නිසාද? අහිංසක දරුවන්ගේ හිස ගසා මරා දැමීමට තරම් රජුගේ වෛරය ඇහැළපොළයන් හා දරුණු තත්ත්වයකට පත්වූයේ මොල්ලිගොඩ වැනි අමනයන්ගේ කේළාම් බස් හේතුකොට ගෙනය. රජු ඇහැළේපොළ හා තිබූ වෛරය කොතෙක්ද යත් ඇහැලගස් පවා කපා විනාශ කර දමන්නට රජු නියෝග කළ බව සඳහන්ය.

වේලාව දහවල් 1.40 ට පමණ ඇහැළේපොළ කුමාරිහාමි, ලොකු බණ්ඩාර, මද්දුම බණ්ඩාර, කුඩා දියණිය, සොහොයුරා සහ නෑණන්ඩිය ඇතුළු පිරිස වධක භූමියට කැඳවා ආහ. රාජ සෙබළු පලමුව ලොකු බණ්ඩාරව වධකයා හමුවට ගෙන යන්නට උත්සාහ කළේය. වධකයාගේ අසිපත හා දංගෙඩිය දුටු වැඩිමහල් පුත් ලොකු බණ්ඩාර මවගේ සාරි පොටට මුවා වෙමින් හඬමින් වැළපෙන්නට විය. එය දුටු මද්දුම බණ්ඩාර වීර කුමරුවා, නොබියව වධකයා ඉදිරියට විත් අයියණ්ඩිය බිය නෙවන්න මැරෙන හැටි මම පෙන්වන්නම් වධකයා මගේ ගෙල එක කඩුපහරින් කපව’ යී අභීත හඬින් කියූ බව ජෝන් ඬේව් ඇසිනු දුටු සාක්‍ෂි අනුව ලියා ඇත.

මියගිය දරුවන්ගේ මළ කඳන් වංගෙඩියක දමා කොටන්නට ශී‍්‍ර වික‍්‍රම රජු අණ දුන්නද, මෝල්ගල ඔසවනවාත් සමගම ඇහැළේපොළ කුමාරිහාමි සිහිසුන්ව ඇද වැටී තිබේ. ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන් ඝාතනය කරන අයුරු රාජසිංහ වඩුග රජා පත්තිරිප්පුවට වී සතුටින් බලා සිටි බව සඳහන් වේ.

මද්දුම බන්ඩාර වීර කුමරුවාගේ කේන්දරයේ ‘අධියෝගය’ ඇතුළු බලවත් යෝග රැසක් තිබියදීත් ඔහුට අකල් මරණයක් උරුම වූයේ කෙලෙසද? මද්දුම බණ්ඩායන්ගේ අකල් මරණයට හේතු වශයෙන් දැක්විය හැක්කේ බාලරිෂ්ට දෝෂය හා සයවැන්නේ සහ අටවැන්නේ පිහිටි තී‍්‍ර ග‍්‍රහ සංයෝගය වේ. මෙම හේතු වත බාලාරිෂ්ට දෝෂය කි‍්‍රයාත්මක වූ බව පැහැදිලිය.

අව පස චන්ද්‍රයා බාලාරිෂ්ට දේෂයට මහත් රුකුලක් ලබා දෙන අතර උපතේ සිට වසර නමයක් දක්වා කාලයක් පුරා බාලාරිෂ්ට යෝගය කි‍්‍රයාත්මක වේ යැයි සෘෂීන් පෙන්වාදී තිබේ. ඒ අනුව බලන කළ අපගේ වීර මද්දුම බණ්ඩාර කුමරු ඝාතනය වන විට ඔහුගේ වයස අවුරුදු 08 යි, මාස 02 යි, දින 11 කි. මියගිය මොහොතේ තත්කාල කේන්දරයේ ලග්නය වූයේ ග‍්‍රහ ලොව රජු මෙන්ම පියාද නියෝජනය කරන සිංහයයි. මද්දුම බණ්ඩාර වීරයාද තම ආදරණීය පියා වෙනුවෙන් මෙන්ම රට, ජාතිය හා ආගම වෙනුවෙන් ලාබාල අවධියේදීම ජීවිතය පූජා කළ වීර වික‍්‍රමාන්විත ලක් මාතාවගේ එකම පුත‍්‍ර රත්නය ලෙස අභිමානවත් අයුරින් හෙළ ඉතිහාස පොතේ රන් අකුරින් ලියැවී ඇත.

පාරම්පරික ජ්‍යොතිෂවේදී
ඩග්ලස් ගුණවර්ධන
දිවුලපිටිය
දු.අං. 0776283097.

advertistmentadvertistment
advertistmentadvertistment