වරෙන්තු පිට සිටි සමයංගේ ගෝලයෙක් දිවි නසා ගනී

546

‘‘අම්මේ තාත්තේ මට සමාවෙන්න…’’ කියා ලියුමකුත් ලියලා:

‘‘අම්මේ තාත්තේ මට සමාවෙන්න. ඕගොල්ලො මම වෙනුවෙන් කරපු දේවල් මම විනාශ කළා. මගේ ජීවිතේ අදින් ඉවරයි’’ යනුවෙන් ලිපියක් ද ලියා තබා අසල නිවසක කාමරයක ගෙල වැලලාගෙන මියගිය තරුණයකුගේ මළ සිරුරක් 19 දා උදෑසන නවගමුව පොලිසිය මගින් සොයාගෙන ඇත.

මෙසේ මියගොස් ඇත්තේ හොරකැටිය පාර, කොරතොට පදිංචි හංවැල්ලගේ ඉමේෂ් රශ්මික හෙවත් සුද්දා නමැත්තෙකි.

මෙම තැනැත්තා පාතාල නායකයකු වූ ‘සමයංගේ’ ගෝලයකු බව පොලිසිය පවසයි. රනාල බීම සමාගමක් අසලදී පුද්ගලයකුගේ අතක් කපා දැමීම, බියගම දී පුද්ගලයකු කපා කොටා මරා දැමීම, මෙන්ම ත‍්‍රිරෝද රථ සොරකම් සම්බන්ධව ද මොහුට විරුද්ධව නඩු විභාග වෙමින් පවතියි. මෙම නඩුවලට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් වී පොලිසිය මගහරිමින් සිට ඇත. මේ තැනැත්තා ඒ හේතුව මත සියදිවි නසා ගන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

නවගමුව හදිසි මරණ පරීක්ෂක විශ‍්‍රාමික අධිකරණ රෙජිස්ට‍්‍රාර් ඩබ්ලිව්. ඒ. කේ. නිමල් මහතා විසින් මරණ පරීක්ෂණය පවත්වන ලදී. මළසිරුර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කෙරිණි. නවගමුව පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ලක්ෂ්මන් ද සිල්වා මහතාගේ උපදෙස් මත පො.සැ. (56992* රෝහිත, පො. සැ. (27855* බන්දුල යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

කඩුවෙල – සුගත් පේ‍්‍රමතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment