යතුරුපැදි උස්සා විකුණන ගමන් ජාවාරම්කරු ගැනුම්කරුට උපදෙසුත් දීලා

715

සැකකරුවෝ හත්දෙනෙක් සමග යතුරුපැදිත් අත්අඩංගුවට

ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. පී. ඒ. සමරකෝන් මහතා ඇතුළු වැටලීමට සහභාගි වූ නිලධාරීන් අත්අඩංගුවට ගත් යතුරුපැදි සමග ඡායාරූපයෙහි වෙති.

විවිධ ප‍්‍රදේශවලින් සොරාගන්නා ලද යතුරුපැදි ව්‍යාජ අංක තහඩු සවිකර අඩු මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් පන්නල කඳානේගෙදර ප‍්‍රදේශයේ නිවෙසක පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයකු ඇතුළු සැකකරුවන් 07 දෙනෙක් යතුරුපැදි 07 ක් සමග අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම ස්ථානය වැටලීමන් පසු සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇපලදෙණියල වඩුමුන්නේගෙඳර, වේවැල්වල, දඹදෙණිය, කොස්ඌර යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්ය.

ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකිවූ ලියාපදිංචි පොත් සහ අංක තහඩු නොමැති යතුරුපැදි බව පවසමින් ලක්ෂ තුනක් පමණ වටිනා යතුරුපැදියක් රුපියල් හැත්තෑපන්දහසක් වැනි අඩු මුදලට අලෙවිකර ගැණුම්කරුගේ ප‍්‍රදේශයේ පමණක් ගමන් කිරීමට යොදා ගන්නා ලෙසට ජාවරම්කරු විසින් ඔවුන්ට උපදෙස් ලබාදී තිබේ.

ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. පී. ඒ. සමරකෝන් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී. ආර්. පී. එස්. තෙන්නකෝන්, පොලිස් පරීක්ෂක සමන් සුරවීර, උප පොලිස් පරීක්ෂකවරුන් වන ජයසූරිය, දිසානායක, ලයනල් පොලිස් සැරයන්වරුන් වන (33587) පුෂ්පකුමාර, (38981) තෙන්නකෝන්, පොලිස් කොස්තාපල් (49234), ජයතිලක මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීමට සහභාගි වූහ.

සඳලංකාව – ධම්මික රාජපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment