නිළියක අපයෝජනය කිරීමේ චෝදනාවෙන් නැටුම් ශිල්පියා නිදහස්

1001

සම්මානනීය රංගන ශිල්පිනියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවක විත්තිකරුවකු වන ජනප්‍රිය නැටුම් ශිල්පියකු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (19දා) නියෝග කළේය.

විත්තිකාර නැටුම් ශිල්පියාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂි විභාගයෙන් අනතුරුව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින් ද අතුකෝරල මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම එම නියෝගය කළේය. එවකට 15 හැවිරිදි වියේ පසුවූ එම රංගන ශිල්පිනිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යමින් ඇය එලෙස ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි. නීතිඥ වජිර රණසිංහ, මල්දෙණි හේරත්, ෂෙනාල් විජේසිංහ හා නීතිඥ කනිෂ්ක බණ්ඩාර යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා විත්තිකාර නැටුම් ශිල්පියා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment