වලව ගොවි නායකයන්ට මැර ප්‍රහාර පොලිසිය නිහඬයි -ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

197

වලව ගොවි කලාපයේ ගොවි නායකයන් ඉලක්ක කර නාඳුනන කණ්ඩායම් මැර ප්‍රහාර එල්ල කරන බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසයි.

පසුගිය මාසය තුළදී ගොවි නායකයන් දෙදෙනකු පහර කෑමට ලක්ව ඇති බවත් එක් අයකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවත් පැවසේ.

ගොවි නායක කේ. ඒ. අජිත් කුමාර මහතාට මයුරපුර ප්‍රදේශයේදී පහරදීමත්, ඉකුත් 15 දා යූ. ඩී. 60 වැව ආසන්නයේදී ජී. කරුණාතිලක නම් ගොවි මහතාට ද පහරදී බරපතළ තුවාල සිදුකර ඇති නමුත් පොලිසිය ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් එම ව්‍යාපාරය චෝදනා කරයි.

යල කන්නයේ වගාවන් සඳහා උඩවලව ජලාශයෙන් ජලය ලබාදීම කල්යාමත් සමග මතුවූ දැඩි ජල හිඟයට සමස්ත මයුරපුර කලාපයම මුහුණ දී සිටියි. මයුරපුර මහවැලි බලප්‍රදේශය ගොවි පවුල් 5300 ක් නියෝජනය කරයි. මෙම කොට්ඨාසයේ ගොවි සංවිධාන 86ක නායකත්වය දරන ගොවි නායකයන් පවතින උග්‍ර ජල හිඟය, වන අලි වගාවන්ට කරන හානිය හා ආර්ථික ගැටලුවලට අධික ලෙස මුහුණ දෙමින් කටයුතු කරන ගොවි කණ්ඩායම් වෙත අවශ්‍ය සහායන් සඳහා මැදිහත් වෙමින් සිටී. උග්‍ර නියං තත්ත්වයට අනුව වගාවට ජලය ඉල්ලීම් කරමින්, විවිධ අයුරින් නිදහස්කර ගන්නා ජලය පීඩාවට පත් ගොවීන්ගේ ගොවි බිම් වෙත රැගෙන ඒමට දරන්නේ අපමණ වෙහෙසකි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment