වැඩබලන නීතිපති දිවුරුම් දෙයි…

6

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතා ඊයේ (01දා) පෙරවරුවේ වැඩබලන නීතිපතිවරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.

හිටපු නීතිපති සංජේ රාජරත්නම් මහතා පසුගිය 26 වැනිදා විශ්‍රාම යෑමෙන් අනතුරුව පුරප්පාඩු වූ නීතිපති ධුරයේ වැඩබැලීම සඳහා ලබන 11 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාරින්ද රණසිංහ මහතා පත්කර ඇත.

කීර්තිමත් අගවිනිසුරුවරයකු වන පාරින්ද රණසිංහ (ජ්‍යෙෂ්ඨ) මහතාගේ පුත්‍රයකු වන පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතා වසර 30කට අධික කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර තිබේ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment