ශ්‍රී ලංකාවට පදක්කම් පහක් – ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙල

232

කුවේට් හිදී නිමාවට පත් වූ හතර වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී පදක්කම් පහක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් සමගිනි.

 ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 8 දෙනකු සහභාගි වූහ. එහිදී මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් තරග වැදුණු ප්‍රවීන් ජයතිලක එහිදී තත්පර 48.85ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය. මීටර් 800 ඉසව්ව නියෝජනය කරමින් තරග බිමට පිවිසි කසුනි නිර්මලි එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ මිනිත්තු 2.15.42ක කාලයක් වාර්තා කරමිනි. උස පැනීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට දෙනෙත් අනුහස් සමත්වූ අතර එහිදී දෙනෙත් වාර්තා කළ දක්ෂතාවය මීටර් 2.01කි.

 උස පැනීමේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ලෙසඳු අර්ථවිදු සමත්වූයේ මීටර් 1.97ක උසක් වාර්තා කරමිනි. තේමින්ද රාජපක්ෂ මීටර් 400 ඉසව්වෙන් තත්පර 48.70ක කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment