ශ්‍රී ලංකාවේ භාවිත කරන බොහෝ ඖෂධ බාලයි – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

84

මේ රටේ භාවිත කරන බොහෝ ඖෂධ තත්ත්වයෙන් බාල ඖෂධ බවට තහවුරු වී ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල භාවිත කරනු ලබන ඖෂධවලින් 20%ක් පමණ බාල ඖෂධ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද තහවුරු කර ඇතැයි එම සංගමයේ ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.මෙරටේ භාවිත කරනු ලබන ඖෂධ බොහොමයක් ගුණාත්මකභාවයෙන් අඩු බවත් එය ඖෂධයක අඩංගු විය යුතු ඖෂධ ප්‍රමාණය නොමැතිවීම දක්වා පවතින තත්ත්වයන් නිරීක්‍ෂණය වී ඇති බවත් වෛද්‍යවරයා පැවසීය.

ඇස්ප්‍රීන්වල තිබිය යුතු ග්‍රෑම් 75ක්වූ ඇස්ප්‍රීන් ප්‍රමාණය අඩුව පැවැතීම එක් නිදර්ශනයක් ලෙස පෙන්වා දිය හැකි බව පැවසූ වෛද්‍යවයා පසු ගිය දා මහත් ආන්දෝලනයට ලක්වූ අක්ෂි දියරයේ බැක්ටීරියා අන්තර්ගතව තිබීම නිසා එම ඖෂධය බාල ඖෂධයක් ලෙස තහවුරු වී ඇතැයි ද මධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.

ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ පරීක්ෂාවන්ට ලක් කර සහතික නොකිරීම නිසා ඖෂධ සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි පැවසූ වෛද්‍යවරයා ලියාපදිංචි නොකළ ඖෂධ භාවිතය නිසාවෙන් ජනතාව බරපතළ සෞඛ්‍යමය අර්බුද රැසකට ලක්ව ඇතැයි ද මාධ්‍ය හමුවේදී කීවේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment