ශ්‍රී ල.නි.ප. තනතුරු වළක්වමින් විජයදාසට පැවරූ වාරණය දික් කරයි

23

විජයදාස රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කිරීම හා ඔහු එම පක්‍ෂයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීම වළකාලමින් තම අධිකරණය විසින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 25 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා ඊයේ (11දා) නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වයේ වැඩබලන භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහතා විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරයා, පසුගිය 27 වැනිදා එම වාරණය මුල් වරට නිකුත් කර තිබිණි. එකී පැමිණිල්ල සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට තවදුරටත් දින ලබාදෙන ලෙසට වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරයා ලබන 25දා එම පෙත්සම යළි කැඳවීමට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment