ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබඳ ජනපතිගේ ප්‍රකාශය බරපතළයි- ජී.එල්. පීරිස්

1

ශ්‍රේෂ්ඨාධිකරණය මොනවා කිව්වත්, ඒවා ඉවත දැමීමට… පාර්ලිමේන්තුවට හැකි බවට වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය බරපතළ යැයි නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (24දා) පැවැසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහය දැඩි පිළිකුලෙන් හෙළා දකින බවත් එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ලවන බවත් නිදහස ජනතා සභා කාර්යාලයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පීරිස් මහතා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවීමට එරෙහිව කටයුතු කරන බවද මන්ත්‍රිවරයා කීය. විධායකය මගින් ව්‍යවස්ථාධායකයට හා අධිකරණයට බලපෑම් කිරීමේ ක්‍රියාවලියක් සිදුකරමින් සිටින බවත්, මහජන ඡන්ද අයිතිය සුරක්ෂිත කර ජනතා විරෝධී මෙම ආණ්ඩුව පලවා හැරීමට එකාවන්ව කටයතු කළ යුතු බවත් හෙතෙම කීය. පාර්ලිමේන්තුවේ කාර්යභාරය නීති සම්පාදනය කිරීම වුවත්, යම් නීතියක් සම්පාදනය කළ හැක්කේ මූලික මානව අයිතිවාසිකම්වලට යටත්ව බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment