ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම සඳහා ඇමරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩයාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජොර්ජියේවා මහත්මිය හමුවූහ.
ආර්ථික අර්බුදය සමයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට නායකත්වය දැක්වීම ගැන ශ්‍රී ලංකාවේ කෘතඥතාව මෙහිදී ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මියට ස්තුතිය පළ කළ බව මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාව සඳහා වන අයි.එම්.එෆ්. වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුර එම වැඩසටහන සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම නැවතත් ජෝර්ජියේවා මහත්මියට තහවරු කළ බව ද ඇමැති සේමසිංහ පවසයි. මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහ වොෂින්ටහි සිටින අය.ිඑම්.එෆ්. ශ්‍රී ලංකා නියෝජි ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර යන මහත්වරු ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය හමුවූ අවස්ථාවට එක්වූහ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත