සංචාරක හෝටලයක සිටි රුසියානු කත නාගොඩ රෝහලේදී මරුට

97

කළුතර, වස්කඩුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතික කාන්තාවක් හදිසියේ අසනීප වී කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ ඉරීනා කොහටූන් නම් වූ 72 හැවිරිදි කාන්තාවකි.

මේ පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේදීපැවැත්වීමට නියමිතව තිබූ අතර උතුරු කළුතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කළුතර විශේෂ – එස්. ආරච්චිගේ


advertistmentadvertistment